21 සංශෝධනයේ පිටපත් තෙල්-ගෑස් පෝලිම්වල ජනතාවට බෙදා දෙන්නැයි කියයි…

June 3, 2022 at 3:50 pm | lanka C news
21 සංශෝධනයේ පිටපත් තෙල්-ගෑස් පෝලිම්වල ජනතාවට බෙදා දෙන්නැයි කියයි…

යෝජනා වී ඇති ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්නේ නම් එම සංශෝධනය පිටපත් තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල සිටින ජනතාවට බෙදා දෙන්නයි තමන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.

එසේම ආහාර ගෙන ඒම සඳහා ඩොලර් නැති වන විට විදේශීය රටවල් සඳහා ව්‍යවස්ථා සංශෝධනය පිටපත් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

කෙටිකාලීන ආණ්ඩුවක් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත්තේ ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට මිස ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බවද හෙතෙම පැවසීය.

ව්‍යවස්තා සංශෝධන වලින් ජනතාවගේ බඩ කට නොපිරෙන බවත් වෙන වෙන විකාර නොකර ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

20,605 views

12 Comments to “21 සංශෝධනයේ පිටපත් තෙල්-ගෑස් පෝලිම්වල ජනතාවට බෙදා දෙන්නැයි කියයි…”

  1. Tona says:

    කන්න ඕනත් නෑ මේවගේ වල්බූරුවො පාර්ලිමේන්තුවෙන් එලවනවනම්

  2. Helaya says:

    බඩේ ප්‍රශ්නය ඇති කලේ මේක ගෙන්න කියලා දන්නේ නැද්ද? තවම ගෙනාවේ කැල්ලයි. ලොකු කෙරුම් පස්සට. මේක යක්‍ෂ වින්සතිය. යක්කු පිනුම් ගහනවා. සිල්වත් ස්වාමින් වහන්සේලා පෙරට නාවොත් රට ඉවරයි. ගෝල් face ස්වාමින් වහන්සේලානම් නෙමේ.

  3. Left voter says:

    හරි කතාවක් කියන්නේ , දැන් මිනිස්සුන්ට ඔනේ සංශෝධක නෙමේ , කන්න බොන්න.මේවා පොහොටිටුව කට්ටියට නෙමේ ඔනෙ අනිත් කට්ටියට ආන්ඩු බලය අල්ලන්න. විජයදාසට වැඩිය හොදයි සබ්රිව තියාගත්ත නම්

  4. පබිලිස් says:

    මූ කපුටා (20% කොමිස් කාක්ක ) ගෙ ගූ ගොට්ටෙක්

  5. Suranimala says:

    මහින්ද රනිල්ට බාරදුන් මිෂන් එක අවසන් .එය රනිල් අකුරටම ඉටුකලා .ට්‍රින්කෝවල දූපතක ඌරු මීයෝ වගේ සැගවී සිටි මහින්ද සහ පවුලේ සාමාජිකයින් එලියට ගැනීමත් බංකරවල සැගවී සිටි අනෙක් රාජපක්ශ හොරු එලියට ගැනීමත් අවසන් .දැන් රනිල් හදන්නේ සුබ සහ යස කතාව රග දක්වන්ඩ .ගෝටගේ බලය සම්පූර්ණයෙන් අතට අරගෙන ගෝටව පන්නල රටටම කෙලින්ඩ යන්නේ .රනිල් වගේ මුලු රටම ප්‍රතික්ශේපකරපු රනිල් වගේ හොර තක්කඩියෙක් අතට බලය යනව කියන එක ඉතාම භයානක දෙයක් .දැන් ජනපති වහා කලයුත්තේ රනිල් පන්නා බහුතරයක් කැමති අගමැති කෙනෙක් පත්කර නව කැබිනට් එකක් පත් කිරීම හරින් ප්‍රනාන්දු වගේ හාල් පාරුවෝ වහා ඉවත්කර සුදුසුකම්ලත් කැබිනට් එකක් පත්කල යුතුයි .රනිල් ඇවිත් උනේ තවත් රට ප්‍රපාතයට වැටුන එක.ලන්කා ඉතිහාසයේ බිහිඋන දුර්වලම අගමැති රනිල් .රටේ තිබුන කීර්තිමත්ම පක්ශය බිංදුවටම බස්වපු රනිල් අගමැති කමට තබා ප්‍රාදේශීය සබා මන්ත්‍රී දූරයකටවත් සුදුසු නෑ .රනිල්ගෙන් මිනිස්සු බලාපොරොත්තු උනේ පෝලිම් නැති කිරීමට මිස ව්‍යස්තා සංශෝධන කරල බලය ඔහු අතට දීමට නොවේ .

  6. Lalla says:

    අනේ යනව යන්න හලෝ සිරිලියගේ ඩෝබි වැඩේ නොකර…

  7. දර්ශන says:

    රටේ ආර්ථික ප්‍රශ්නයට ගොදුරුවූ මිනිසුන්ගේ ජිවිත ප්‍රාණ ඇපය ට අරගෙන බටහිර රටවල් සහ උන් විසින් අඛණ්ඩව මුදල් දී උසිගන්වන ලද උද්ඝෝෂකයන් රටේ වීයාවස්ථ වෙනස් කිරීමට යාම ඉතාම වැරදි ක්‍රියාවක් .එය හරියට බඩගින්නෙ මියයන්නට යන මිනිහෙකුට පාන් කැබැල්ලක් දී ඔහුගේ වටිනා රත්රන් ඔරලෝසුව ලබාගන්නවා වැනි නින්දිත තක්කඩි වැඩක්
    21 පසුව ට ගෙමු .මේ හදිසියේ අනවශ්‍යයි

  8. නිකමුන්ගේ වැටුප් දීමනා ජනතාව දුකට පත් කරයි says:

    තොපි වගේ මංකොල්ලකාර හිගන්නන්ට පිනට වැටුප් සහ දීමනා දීල නඩත්තු කරන එක නැවැත්තුවොත් ජනතාවගෙ බඩ කට පිරෙනවා. කැලෑවෙ තයන ගෙඩියක් සහ දර ටිකක් කඩපු මිනිහට නීති ක්‍රියාත්මක වුනත් තොපි පස් ට්‍රැක්ටර් පිටින් කපල අවුරුදු සිය ගණනක්පරණ ගස් කපලත්නීතිය නෑ. තොපි ගියොත් ජනයාගේ බඩ පිරානවා පිනෝ.

  9. Lalindra says:

    උබත් අය්යේ කොලබවිහ්වවිද්යාලේ ඉගන ගත්ත එකෙක් තමයි හැබැයි උබේ ගොන් කකතා විහ්ව විද්‍යාලෙට හදන්න බැරිවෙලා තියනවා . ඔය ගෑස් පෝලිම් තෙල් පෝලිම් හැදෙන්න මුල තමා මෝඩ නායකයෙක් පත්කොරලා බලතල ඔක්කොම ඒ මෝඩයට ලබාදුන්නා එක . අනාගතෙත් අය්යලා මෙරටේ හරක් රැල දක්කාගන ගිහින් මේවාගේ ලොන්ත පොල් පොරක් රටේ නායකයා කරොත් ආයෙත් මේ රටට මේ ලබලා තියන දසාව ලබයි . එකටයි ව්‍යවස්ථා සන්සොදනේ ඕනේ

  10. Charith says:

    ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය ගැනවත් මෙලෝ අවබෝධයක් නැති මේ වගේ පොල් බූරුවෝ ආයේ පාර්ලිමේන්තු එන්න බැරි වෙන්න ව්‍යවස්ථා සංශෝධනයකුත් කරන්න ඕන. අමු මි හරකෙක්නේ. මු හිතන් ඉන්නේ නිකන් ආණ්ඩු පත්කරහම මිනිස්සුන්ට සහන ලැබෙනවා කියලා.

Main News