‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

June 4, 2022 at 12:02 am | lanka C news
‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…

විසිඑක් වන සංශෝධනය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් ඉන් නැගිට ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය ජී.එල්. පීරිස් සහ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ සාකච්ඡාව අතර මැද මැද ඉවත්ව ගොස් ඇත.

21 වෙනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් නොවන ආකාරයට ඉදිරිපත් කිරීමට එහිදී පක්ෂ නායකයන් එකඟතාවය පළ කර තිබේ.

මෙය එළැඹෙන සංගා කැබිනට් මණ්ඩලයේදී තව දුුරටත් සාකච්චාවට ලක් කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.

අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ සියලු දෙනාටම මම එකඟ විය හැකි මට්ටමකට කෙටුම්පත ගෙනැවිත් තිබෙන බවයි.

69,577 views

14 Comments to “‘21’ සාකච්චාවෙන් පොහොට්ටු නායකයෝ නැගිට යති…”

  1. Uhuuhu says:

    Mona magulak karanawa me yakku!!!??? Oya dwithwa purawesi magula atha arela.. economy eka goda daanna.. eeta passe ona magulak… me wijedasa awilla game gahanda thamai hapan..

  2. RITIGALA says:

    basil ge ate kaha ganna idak nathi wyawasthawakin me apatha mantal walata wadak na.

  3. R. Prema says:

    නැගිටලා යන්න නොවෙයි බඩගාගෙන යන්නයි වෙන්නේ ඔහොම ගියොත්, අසරණ මිනිස්සුන්ගේ ඉවසීම පැන්නොත් පාතාලයට වඩා දරුණු වේවි, දැන් මිනිස්සු බාගෙට මැරිලා නිසා එතිරි බාගේ ගැන හිතන්නේ නැතිවෙව්,

Main News