21 සිට සංචාරකයන්ට රට විවෘතයි.. සංචාරක බුබුළු බුබුළු ගෙන්වනවා..

January 19, 2021 at 8:40 am | lanka C news
21 සිට සංචාරකයන්ට රට විවෘතයි.. සංචාරක බුබුළු බුබුළු ගෙන්වනවා..

ලබන බ්‍රහස්පතින්දා සිට (21) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පත්ව ඇති පීඩාව සලකා බලා බවයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය.ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

පසුගිය දෙසැම්බර් 26 වෙනිදා ආරම්භ කෙරුණු නියාමන ව්‍යාපෘතිය යටතේ යකුරේන සංචාරකයන් 1500කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.ඉන් මෙරටට ලැබුණු ආදායම රුපියල් මිලියන 420 කි.එම නියාමන වයාපෘතියේදී හඳුනාගත් සියලු අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා මෙහිදී කීවේය.මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබේ.මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වේ.සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් අඳාල සහතිකය නොමිලේ ලබාදීමට හෝටල් හිමියන්ට අවස්ථාව සලසා තිබේ. 21 වනදායින් පසු මෙරටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර මෙරටට පැමිණීමට ඉඩලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඩ්  ආසාධිත නොවන බවට තහවුරු වූ සංචාරකයින්ට පමණි.මෙරටට පැමිණෙනු සියලුම සංචාරකයින්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදුකෙරේ.එහි ප්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාල හෝටල් වලම රැදී සිටිය යුතුය.දින 5-7ත් අතර කාලයේදී මෙම සංචාරකයන් තවත් පී.සී.ආර් පරීක්ෂාවකට ලක්කෙරෙන අතර හඳුාගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ ඉන් අනතුරුවයි.

සංචාරකයන් පැමිණෙන හෝටල් වල කර්යමණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේය.

ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කලේ සංචාරක කර්මාන්තය බිද වැටීමෙන් විශාල පිරිසක් පිඩාවට පත් ව සිටින බවයි. ජාතික වගකීමක් ලෙස සලකා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට රජය ගෙන යන වැඩ පිලිවෙලට සහය වන්නැයි ඇමතිවරයා සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන ඉල්ලා සිටියේය. “රටේ ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් රට යථා තත්වයට පත් කිරීමේ වගකීම අපට තියෙනවා. රාජ්‍ය මාධ්‍ය වගේ පෞද්ගලික මාධ්‍ය වලටත් මෙහිදි විශාල කාර්යයභාරයක් පැවරෙනවා. ඒ නිසා මේ කටයුත්තේදි මාධ්‍යවල සහය අපට අවශ්‍යයි“   ඇමතිවරයා කිවේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් බී. විජේවීර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, රජයේ ප්‍රවෘත්ති නාලක කළුවැව යන මහත් මහතමීන් සහ රජයේ පෞද්ගලික සියළු විද්‍යුත් හා මුද්‍රීත මාධ්‍ය ප්‍රධානීහු එක්ව සිටියහ.

– ප්‍රදීප් අනුර කුමාර

11,447 views

12 Comments to “21 සිට සංචාරකයන්ට රට විවෘතයි.. සංචාරක බුබුළු බුබුළු ගෙන්වනවා..”

  1. සංචාරකයන්ගේ රෙද්ද සේදීම සඳහා බුබුලු බුබුලු බබල් රෙදි සෝදන කුඩු අදම භාවිත කරන්න

  2. Deon K says:

    If I’m not wrong, as per this article, 1 Ukrainian tourist paid Rs 280,000 inclusive of all sight seeing’s, where Our Sri Lankans coming back to motherland still paying about Rs160,000.

    Seems like Sri Lankan’s are more richer than these Ukrainians 😂😂😂

    Do better bring Sri Lankan’s home.

    • බන්ඩා says:

      සංචාරක ෂේත්‍රය අතහැරල හෝටල් වැහෙන්න අැරල සියල්ල නොමිලේ ගන්න රට සජීට බාර දෙමු. 🙃

    • sameera says:

      exactly! we failed to understand what the hell these buggers are doing to us. those who entitled vacation by last year March are yet wait to see their family. what nonsense the government is doing!
      we haven’t touch our loved family since 3 years.

  3. Neomal says:

    පැමිණි සංචාරකයින්ගෙන් ලැබුණු ආදායම මිලියන 420ක්ලු පැමිණියේ 1500ක් නම් එක් අයෙකු විසින් මිලියන 2.8 ක් ලබා දී ඇත……(සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට)

    • SuMa says:

      රු. මිලියන 420, 1500න් බෙදාගන්න බැරි xකයෝ තමයි මෙතන රට හදන්න කථා කරන්නේ.
      5 පාස් දරුවෙකුට කියලා බෙදලා බලපන්. එක්කෙනෙක් වියදම් කරපු ප්‍රමාණය රු. 280,000.00.

  4. Alapaluwa says:

    පුලුවන්තරම් ලෙඩ්ඩු ගෙනල්ල කොරෝනා හදාගෙන පැනි බයියොයි දේශපාලුවොයි මකබෑවිල ගියානම් රටට සෞභාග්‍යය උදාවෙන්නෙ එදාට.

  5. CoolNet says:

    Only a few will be financially benefitted from this system, not all the people who make living by tourism.

  6. Diogenes says:

    Financially benefited ? Who? Udayanga and Co.Ltd ?

  7. Lankikaya says:

    බුබුලු ගෙන්නලා උඹලත් බුබුලු හදාගනිල්ලා දේසපාලු හැත්ත.නුගත් බඩතඩියා.යකෝ මුන්නෙ අපේ රට පාලනය කරන්නෙ.යකෝ මැදපෙරදිග දුක්විඳින ලාංකිකයින් ගෙන්වපන් තමන්ගෙ මව්‍බිමට..උඹලගෙ දේසපාලනයේ අන්තිමය තමයි දැන් ගෙවීගෙන යන්නෙ.ගහපල්ලා හොඳට කොමිස් බඩජාරි හැත්ත.ටොයි,බයි,ජව්‍පා හැම දේසපාලුවටම සාපවේවා

  8. Kalana says:

    පල පරය රවට්ටන්නේ නැතිව, තොපි මංකොල්ල කනවනේ කොහොමත් ලංකාවේ පුරවසියගෙන් හෝටල් වලට දවස් 14 දාල, තොපිට හෙන වදිනවා.

Main News