අපේ චෝදනාව මහින්දටයි.. උත්තර දිය යුත්තේද ඔහුයි..- නිවුයෝක් ටයිම්ස්

June 29, 2018 at 3:00 pm | lanka C news
අපේ චෝදනාව මහින්දටයි.. උත්තර දිය යුත්තේද ඔහුයි..- නිවුයෝක් ටයිම්ස්

පසුගිය ජනාධිපතිවරණයේදී චීන සමාගමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7.6ක් ලබා දී ඇති බවට තම වාර්තාව මගින් එල්ල වන චෝදනාවන්ට පිලිතුරු දිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් යයි නිවුයොක් ටයිම්ස් වෙබ් අඩවියට එම ආන්දෝලනාත්මක වාර්තාව සම්පාදනය කල මාරියා අබී හබීබ් මාධ්‍යවේදිනිය කියා සිටී.

සිරස රූපවාහිනිය වෙත ඇය සදහන් කර ඇත්තේ අදාල ලිපිය සැකසීමේදී මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර ගැනීම සදහා උත්සාහයන්කිහිපයක් ගත්තද ඒ සියල්ල අසාර්ථක වු බවයි.

මේ සම්බන්ධ අදාල ප‍්‍රශ්ණ 10ක් ඔහු වෙත ලබා දී මාස දෙකක පමණ කාලයක් තිස්සේ පිළිතුරු අපේක්ෂා කළ බවත් පවසන ඇය මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් මුණ ගැසීම සදහා කිහිප විටත්ම ගන්නා ලද උත්සාහයන් සාර්ථක නොවූ බවද සදහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සදහන් කරන්නේ අදාල මාධ්‍ය වාර්තාව සකස් කර ඇත්තේ මෙරට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කරන ලද පැමිණිල්ලක් පාදක කරගෙන බවත් තමන් විසින් ලබා දුන් දීර්ඝ පැහැදිලි කිරීමේ කිසිදු කරුණක් වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන නැති බවත්ය.

චීනය හා ඇමරිකාව අතර ඇති දීර්ග කාලීන ප‍්‍රතිවිරෝධයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම අයුතු ලෙස භාවිත කර ඇති බවටත් ඔහු චෝදනා කරයි.

103 views
Main News