කිරිවෙහෙර විහාරාධිපති හිමිගේ රොහල් බිල තිස් ලක්‍ෂයයි.. රජයෙන් ගෙවන්න පොරොන්දු වුවත් ගෙවා නෑ..

July 8, 2018 at 3:00 pm | lanka C news
කිරිවෙහෙර විහාරාධිපති හිමිගේ රොහල් බිල තිස් ලක්‍ෂයයි.. රජයෙන් ගෙවන්න පොරොන්දු වුවත් ගෙවා නෑ..

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන කතරගම, කිරිවෙහෙර රජමහ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු රජයෙන් ගෙවන බව ප්‍රකාශ කලත් මෙතෙක් එය ඉටු වී නොමැති බව කිරිවෙහෙර විහාරස්ථානයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වන විටත් කොළඹ, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි ආසිරි සර්ජිකල් පෞද්ගලික ආරෝග්‍ය ශාලාවේ කොබවක ධම්මින්ද හිමියන් ප්‍රතිකාර ලබයි. මේ වන විට නාහිමියන්ට ලබාදෙන ලද ඹෞෂධ වර්ගද ඇතුළුව රෝහල් ගාස්තු රුපියල් ලක්ෂ 30 කට (30,00000/-) අධික වන බවද දැනගන්නට තිබේ.

2018 ජුනි මස 12 වන දින රාත‍්‍රී 10.40 ට පමණ කිරි වෙහෙර නාහිමියන් ඇතුලූ තවත් හිමිවරුන් කිහිප නමක් කිරිවෙහෙර චෛත්‍යය වන්දනා කර සංඝාවසයට පැමිණෙමින් සිටියදී විහාරයේ පියගැට පෙළ අසල නුග ගසක් මුල සැගවි සිටි තුවක්කුකරුවන් එල්ල කර වෙඩි ප‍්‍රහාරයකදි විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තුවාල ලැබීය. කිරි වෙහෙර රජමහා විහාරය ඇතුඑ පංචමහා විහාරයන්හි විහාරාදිපතිත්වය දරණ රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කොඹවක ධම්මින්ද නාහිමි සහ ඒ අසලින් ගමන් කරමින් සිටි කතරගම ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය කිරිවෙහෙර විහාරවාසී වීදාපොල සෝභිත හිමියන්ද මෙම වෙඩි ප‍්‍රහාරයන්ට ලක්ව බරපතල තුවාල ලබා එදිනම කතරගම රෝහලට ඇතුලත් කරනු ලැබීය.

කතරගම රෝහලට ඇතුලත් කරන ලද හිමිවරුන් දෙපල වැඩිදුර ප‍්‍රතිකාර සදහා තිස්සමහාරාම හා හම්බන්තොට රෝහල්වලට මාරු කර යැවීමට කතරගම රෝහල් බලධාරීන් එදිනම ක්‍රියාකර තිබුණි. හම්බන්තොට මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ විශේෂ නියෝග මත සිද්ධිය වූ දිනට පසු දින එනම් ජුනි 13 සවස 2.00 ට පමණ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකින් කොළඹට රැගෙන ගොස් කොළඹ, නාරාහේන්පිට පෞද්ගලික රෝහලට ඇතුලත් කරනු ලැබීය. තවාල ලැබූ වීදාගම සෝභිත හිමියන්ද 16 දින හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹට රැගෙන විත් තිබේ. කිරිවෙහෙර නාහිමියන්ගේ සියළු රෝහල් ගාස්තු රජයෙන් ගෙවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දුන්නේ යැයිද එකල මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් විමසූ විට ‍මේ පිළිබදව ඉදිරි කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

177 views

11 Comments to “කිරිවෙහෙර විහාරාධිපති හිමිගේ රොහල් බිල තිස් ලක්‍ෂයයි.. රජයෙන් ගෙවන්න පොරොන්දු වුවත් ගෙවා නෑ..”

  1. sarath says:

    ඒ වෙඩි තැබීමෙත් වාසිය සහ ලාභය පුද්ගලික රෝහලට වගේ…

    • "සුවසෙත" says:

      කිව්වනම් මෙය ඇලෝසියස් මුදලාලිට
      කෝල් එකෙන් ගෙවනව මුදල සැරේට
      සාසනයට ලැදි ඉස්පිරිතාල ලොක්කට
      පිං පිනිස පූජාකල හැකිනෙ වෙහෙරට

  2. Ratawasiya says:

    Wadiyen ping karagannanam/ salakannanam Singapooruwe Mount Elizabeth rohalata genayanna thibuna

  3. Kamal says:

    මෙයාගෙ ලක්ෂ තිහත් අපිද ගෙවන්න ඕන. කොලබ ඉන්න වයිෆ්ට කිව්වනම් ගෙවයි.

    • Wimal says:

      Hamuduruwanta 30 lakshayak dunnama mokada uro. Kunu datha laksha 100 eka parata aran singappuru giye. Ube ammata kiyapan eyath gewayi ganu one naha.

    • sarath says:

      kamal,,,,meyaage colombo wala inna waif umbe amma neda,,meka apita wadaa umba dannawa

    • Point Blank says:

      Shut up your foul mouth, Koti Hapuwa!

    • උකුස්සා says:

      Kamal
      හම්බයෙක් කවදද බෞද්ධ භික්ෂුවකගේ රෝහල් මුදල් ගෙව්වේ ? සිංහලයාගේ රටේ ජිවත් වෙමින් සිංහල ජනතාව හුරන් කෑවා/.කනවා මිසක්
      ගෞරවණිය සංඝයාවහන්සේලාට අවමන් කරන්න එපා බූරුවෝ
      උබේ මොහොමඩ් නබිට ඒ අවමානය කරපන් ..

  4. දුප්පත් ජනතාව says:

    මේ හාමුදුරුවන්ගෙ බිල ආණ්ඩුවෙන් ගෙවන්න තරම් මෙයා දුප්පතෙක් නෙමෙයි. කිරිවෙහෙරට සල්ලි වැහි වහිනව. ඔය කියන මුදල් වැය කරල අර ජනාධිපති අරමුදලින් ඔපරේෂන් වලට සල්ලි ඉල්ලන පෝලිමේ ඉන්න දුප්පත් ජනතාවට සැලකුව නම් ඊට වඩා පිනක්.

  5. SUNIMAL says:

    කියනකොට එහෙමයි,කරනකොට මෙහෙමයි. හිටං

  6. Love nature says:

    කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි

    රජ වාසලට හකුරු සපයන එක්තරා පුද්ගලයෙක් ගම්මානයක වාසය කළේය. ඔහු රජවාසලට ගෙනෙන හකුරු සුදු පැහැතිය. “ මේ හකුරු මේ තරම් සුදු පැහැති වන්නේ කුමක් හෙයින්දැ” යි රජතුමා හකුරු ගෙනෙන මිනිසාගෙන් විමසුවේය. එම මිනිසා “ දේවයන් වහන්ස මා හකුරු වක්කරන්නේ උඩට උඩුවියන්ද පයට පාවඩද වටේට වටතිරද ඇදීමෙන් අනතුරුව යැ” යි කීවේය. මේ කතාවේ ඇත්ත නැත්ත විමසීමට රජතුමා වෙස්වලාගෙන හකුරු හදන ස්ථානයට ගියේය. ඒ අවස්ථාවේදී ඔහුට දක්නට ලැබුණේ දහඩිය පෙරාගෙන කිලිටි රෙදි කඩක් ඇදගෙන කුඩා අතු පැළක් තුළ වළං කබලක ලා පොල්කටු හැන්දකින් හකුරු හැදිගාන මිනිසෙකි. ඔහු රජ මැදුරේදී පැවසූ වටරෙදි, උඩුවියන්, පාවඩ මේ කිසිවක් මෙහිදී රජතුමාට දක්නට ලැබුණේ නැත. රජතුමා එම මිනිසාගෙන් ඒපිළිබදව විමසූ විය ඔහුගේ පිළිතුර වූයේ “කියනකොට එහෙමයි කරනතොට මෙහෙමයි” කියාය.

Main News