ජනපති පුත් දහම් මහ දානපතියෙක් වෙයි.. දුගී පවුලකට නිවසක් හදා දෙයි..

July 13, 2018 at 12:00 pm | lanka C news
ජනපති පුත් දහම් මහ දානපතියෙක් වෙයි.. දුගී පවුලකට නිවසක් හදා දෙයි..

ඉතා දුගී පැලක දිවි ගෙවූ මහවැලි D කලාපයේ මැදිරිගිරිය, බිසෝපුර පදිංචි සම්පත් ලෝචන මහතාට ජනධිපති පුත් දහම් සිරිසේන මහතාගේ විසින් නිවසක් ඉදිකර දී ඇත.

කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන ගිය සම්පත් ලෝචන සිය අබලන් නිවසේ වසර හයක් පමණ කාලයක් ජීවත් වූ අතර දැනට මාස 04කට පමණ පෙර එහි ගිය ජනපති පුත‍්‍රයා විසින් නව නිවසක් ලබාදීමට පොරොන්දු වී තිබේ.

පොරොන්දුව ඉටු කරමින් ඊයේ දිනයේ නව නිවෙස භාරදීම සිදු වූයේ සංඝරත්නයේ ජය පිරිත් මැදයි.

මෙම නිවස ඉදිකිරීම සදහා දහම් සිරිසේන මහතා රජයේ කිසිඳු මුදලක් ලබා නොගත් බවත් පුද්ගලික හැඳුනුම්කම් මත ලැබුනු ආධාර මත පමණක් නිවස ඉදි කල බවද සදහන්ය.

268 views

26 Comments to “ජනපති පුත් දහම් මහ දානපතියෙක් වෙයි.. දුගී පවුලකට නිවසක් හදා දෙයි..”

  1. සජිත්ගේ වැඩ වගේ, සල්ලි ආපු විදිහක් නෑනේ ගේ හදන්න.එක්කෝ යාළුවෝ දෙන්න ඇති.ඒක හොඳයි, හැබැයි ඒ මුදල් දුන් අයවත් සිහිකලානම් වටිනවා නේද? එහෙම උනානම් ඔබට ජනතාවගේ ප්‍රසාදය හිමිවෙනවා.නැතිනම් සජිතුයි ඔබයි අතර වෙනසක් නැති බවයි ජනතාව හිතන්නේ.මොකද සජිත්ට ජනතාවට උදවු කරන්න මුදල් ලබාදෙන අය ගැන එයා කවදාවත්ම කියන්නෙම නෑනේ.මාගේ හිතමිත්‍රාදීන් ලබාදුන් මුදල්වලින් තමා මම මේ දේවල් කරන්නේ කියන එකනේ හැමදාම කියන්නේ.ඒ කියන්නේ එක්කෝ උන් පට්ට කළු සල්ලි කාරයෝ වෙන්න ඇති, නැතිනම් සජිත්ට වෙන මොනවා හරි ක්‍රමේකින් ලැබුන මුදල් වලින් ඒවා කරනවා ඇති.අපි හිතනවා ඔබ ඒ තත්වයට පත් නොවේවි කියලා.

    • Dasun says:

      ඔය කතාව නියම ඇත්ත මචන් අර උඩින් ප්‍රබෝද කියල ලියල තියෙන මිනිහගේ යාලුවෙක් කියන හාදයා කියනවා සජිත්ගේ බෝඩ් ලැල්ලක් ලු ඔය ගෙදර ගහල තියෙන්නේ .පෙන විදියට දෙන්නම කන්නේ එකම තැනකින් වගේ .හැබැයි මුන් හදන්නේ මේ ප්‍රශ්න අදින අපිව බය කරලා අපේ ඇඩ්රස් දන්නව් කියල තර්ජනය කරලා බොරුව වහන්න. උඹලට ගිය රට බයවෙන්න . තව tika දවසයි ඔය සොමිය හත්මුතු පරම්පරාවකටම කෑවා වගේ නෙවෙයි මතක තියාගනින් ප්‍රබෝඩයෝ එදාට උඹට ගිලින්නයි වෙන්නේ බයිනරි

Main News