බැදුම්කර බෑනාගේ සමාගමේ සියළු වත්කම් තහනම් කරන්නැයි කැබිනට් මණ්ඩලයට යෝජනාවක්..
November 8, 2016 at 12:40 pm | lanka C news
මහබැංකුවේ බැදුම්කර මගඩියෙන් අයථා ලෙස ලාභ ලබා ඇති බව කියන පර්පෙචුවල් ටේරෂරිස් සමාගම සතු සියළු වත්කම් තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කළ යුතු යයි ඇමැතිවරුන් කිහිප දෙනෙකුම කැබිනට් මණ්ඩලයේදී යෝජනා කර ඇත.
එහි වැරදිකරුවන්ට දඩුවම් ලබාදිය යුතු බවත් අයුතු ලෙස ලබාගත් බවට කෝප් වාර්තාව හා විගණකාධිපති වාර්තාව සදහන් කරන මුදල් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කල යුතු බවත් යෝජනා වී තිබේ.
කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.