විදේශ අමාත්‍යාංශය චීන තානාපතිවරයාට තරවටු කරයි.. කට වහන් ඉන්නැයි දන්වයි..
November 8, 2016 at 1:20 pm | lanka C news
විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ඇසල වීරකෝන් විසින් මෙටර චීන තානාපති Yi Xianling මහතාට මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ නිකුත් නොකරන්නැයි දන්වා ඇති බව එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් රිවිර පුවත්පත වාර්තා කරයි.
පසුගියදා මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි විවේචන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් චීන තානාපතිවරයාට මෙසේ දන්වා ඇතැයිද එහි දැක්වෙයි.
ශ්‍රී ලංකා රජය ගැන යම් ගැටලූවක් වෙතොත් ඒ පිලිබද රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්නැයිද විදේශ ලේකම්වරයා දන්වා ඇතැයිද පවසන එම මාධ්‍ය වාර්තාව විදේශ ඇමති මංගල සමරවීර ඒ සදහා මැදිහත් වී නැතැයිද කියයි.