දීඝවාපියේ බුදු පිලිමය තිබිය යුතුමයි.. නැතොත් ඇමතිකමෙක් මා අස්වෙනවා.. – අන්තවාදයට හිස නොනමා ඇමති දයා නියම හෙලබොදුනුවෙක් බව පෙන්වයි..

November 9, 2016 at 1:02 am | lanka C news
දීඝවාපියේ බුදු පිලිමය තිබිය යුතුමයි.. නැතොත් ඇමතිකමෙක් මා අස්වෙනවා.. – අන්තවාදයට හිස නොනමා ඇමති දයා නියම හෙලබොදුනුවෙක් බව පෙන්වයි..

අම්පාර දීඝවාපී පූජාභූමියේ විහාරයක බුදු පිළිමයක් තැන්පත් කිරීම සම්බන්ධයෙන් වූ ප‍්‍රශ්ණයක් හේතුවෙන් ඇමති දයා ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම් විය.

අදාල බුදු පිළිමය තැන්පත් කර ඇත්තේ මුස්ලිම් ගම්මානයක බවත් එය නොකළ යුත්තක් බවත් පැවසූ නියෝජ්‍ය ඇමති මොහොමඩ් මන්සූර් ඉන් යහපාලනයට හා සංහිදියාවට හානි වන බවද පැවසීය.

ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමති දයා ගමගේ මහතා කියා සිටියේ මෙරට ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛතාව ඇති බවත් එය ආරක්ෂා කිරීමට බැදී සිටින බවත්ය.

මෙම සිදුවීම නිසා යහපාලනය බිද වැටෙන්නේ නම් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමටද සූදානම් යයි ඇමතිවරයා වැඩිදුරටත් සදහ්න කලේය.

208 views
Main News