අරුන්දිකගේ නිවසට රාජ්‍ය ඇමතිගේ රියදුරා පනී.. අත්අඩංගුවට..

July 29, 2018 at 9:20 am | lanka C news
අරුන්දිකගේ නිවසට රාජ්‍ය ඇමතිගේ රියදුරා පනී.. අත්අඩංගුවට..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා රාජ්‍ය ඇමති වී. රාධක‍්‍රීෂ්නන්ගේ රියදුරා බව පොලීසිය සදහන් කරයි.

එම අවස්ථාවේදී මෙම පුද්ගලයා බීමතින් සිට ඇති බවද වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙලිව ඇත.

මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 views
Main News