මහින්දගෙන් ඇමරිකාවේ අලූත් ජනාධිපති ට්‍රම්ප්ට අමුතුම සුබ පැතුමක්..
November 9, 2016 at 4:40 pm | lanka C news
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් පණිවුඩයක් යවා තිබේ.
එම පණිවඩුයේ සිංහල පරිවර්තනය මෙසේය.
අතිගරු ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මැතිතුමා
ට්‍රම්ප් සංවිධානය,
725, 5 වන පටුමඟ,
නිවුයෝර්ක් නගරය, 10022,
ඇමරිකා එක්සත් ජනපදය.
මැතිතුමනි,
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිරණයෙන් ජය ගැනීම ගැන මාගේ සුභ පැතුම් ඔබතුමාට පිරිනැමීමට කැමැත්තෙමි. ඔබගේ ඡන්ද ව්‍යාපාරය තුළ මතු වූ බොහෝ කාරනා ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔබ්බටත් වලංගු භාවයක් දැක්වීම හේතුවෙන් මෙම ජනාධිපතිවරණය මුළු ලෝකයේම අවධානයට ලක් විය. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති හැටියට ඔබගේ පත්වීමත් සමඟ සියලු රාජ්‍යයන්ගේ සෛවරී සමානත්වය හා ජාතික රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කරුණු වලට ඇඟිලි නොගැසීම යන මූලධර්මයන් මත පදනම් වූ ලෝක රටාවක් අපි බලාපොරොත්තු වෙමු.
මීට කලින් පැවති රිපබ්ලිකන් පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙහි ලා රාජතාන්ත්‍රික හා බුද්ධි ආශ මට්ටමින් මගේ ආණ්ඩුවට ලබා දුන් සහයෝගය මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඒ උපකාරයන් තුළින් ඇමරිකාවේ FBI ආයතනය විසින් 2008 දී අල්කයිඩා සංවිධානයත් පරයමින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට නම් කොට තිබූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහමුලින්ම පරාජය කිරිමට අපට හැකි විය. ඇමරිකාවේ ජනාධිපති හැටියට ඔබගේ ධූරකාලය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.
මීට හිතවත්,
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
gud…. හොදට සිතලා ලියලා තියනවා
This letter show the strong and breve personality of president MR.
හරියටම හරි මහත්තයෝ
අන්න පොයින්ට් එකට වැඩේ කරලා තියෙනවා. තමාගේ පක්ෂය ගැන විතරක් නෙවේ සමස්ථ ජාතිය ගැන හිතලා තම ජාතිය වෙනුවෙන් කථා කරන්න. දේශපාලන ප්රවාහයේ සුවඳ එයයි. දැන් ඉස්සර වගේ මිනිස්සු සංහිදියාව හොයන්නේ නැහැ. මිනිස්සු දන්නවා සංහිදියාව ඇති වෙන්නේ නැහැයි කියන යථාර්තය. ඕන කෙලින් වැඩ කරලා පස්සේ කථා කරන නායකයෙක්. අපේ හිටපු ජනාධිපතිතුමෙනි ඔබතුමාට අපි සුභ පතනවා අපව නියෝජනය කිරීම ගැන.
Really a Nice Wish & Statement. Greatly appreciated! Thank you Sir.
ට්‍රම්ප් ප්‍රතිපල එනකම් පොල්වත්තකට වෙලා හැංගිලා හිටිය කියාවිද ????? ඔබාමා උස්සල මාරවි කියල
අතිඋදාර සුභ පැතුමක් අපේ මහින්ද මැතිදුනි. අපේ මව්බිම වෙනුවෙන් කරන ලද පැතුම ජාතියේ අපේක්ෂාවයි. පක්ෂ භේද ජාති භේද වලින් තොරව කරන ලද මෙය ඊනියා යහපාලකයන්ට ආදර්ශයක් වේවා. ඔබතුමාටත් ජයෙන් ජය පතමි.
Really Nice and Great Wish & Statement. Our Best Wishes to you to bring the our country under your leadership Great Mahinda esq.
very nice GREAT letter on behalf of Sri Lanka’s peace……jaya wewaaaa!!!!!
The portion re non intervention in the affairs of all other countries is held up in highest esteem!
Hope Trump will not follow the footsteps of Obama here!!
අන්න මිනිස්සු. ටොප් කතාව ජයවේවා මහින්ද මැතිතුමනි
anna dan kiyana katha issara jathiyanthara balawega kakulen adinawa kiya kiya hitiya meya dan kiyanawa americawa yuddeta support kala kiyala.