අද තරගයත් පරාදයි.. වේලාසනම තරගාවලියම පරාදයි.. තරග දෙකක් ඉතුරුයි..

August 5, 2018 at 6:48 pm | lanka C news
අද තරගයත් පරාදයි.. වේලාසනම තරගාවලියම පරාදයි.. තරග දෙකක් ඉතුරුයි..

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තුන්වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 78 ජයග්‍රහණයක් ලැබීමට දකුණු අප්‍රිකානු පිල සමත් විය.

මහනුවර පල්ෙලකැෙල් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු හතක් පමණක් දැවී ලකුණු 363ක් ලබා ගත්තේය.

ලකුණු 364ක ජයග්‍රහි ඉලක්කයක් හඹා ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනාම දැවී  පන්දුවාර 45.2 තුළ ලබා ගත්තේ ලකුණු 285ක් පමණි.

එ අනුව තරග 5කින් සමන්විත තරගාවලියේ මුල් තරඟ තුනම ජය ගත් දකුණු අප්‍රිකාව තරගාවලියද ජය ගෙන සිටී.

38 views
Main News