ආණ්ඩුව හැදුවේ අපයි.. නායකයෝ පස්සේ ඉන්න ටයිකෝට්කාරයින් හොරකම් කරනවා..

August 6, 2018 at 4:40 pm | lanka C news
ආණ්ඩුව හැදුවේ අපයි.. නායකයෝ පස්සේ ඉන්න ටයිකෝට්කාරයින් හොරකම් කරනවා..

මැතිවරණ සමයේදී ගම් බිම් වල ඇවිද දාඩිය මහන්සියෙන් කැප කිරීම් කර ආණ්ඩුවක් පත් කර ගත්තේ එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්නට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ, කොළොන්නාව ආසනයේ ගමේපෙරළිය වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත මාර්ග නිරීක්ෂණය කිරීමට එක් වෙමින්ය

පසුගිය සති අන්තයේදී ආරංචියක් ආවා.මාධ්‍ය මගින් හෙළිදරව්වක් කරලා තිබුනා.මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න සමාජිකයෙක් තමන් අධ්‍යක්ෂක ධූර දරණ තවත් සමාගමකට රුපියල් බිලියන 10 ක ණයක් අරගෙන තියෙනවා කියලා.  මේක ලංකා ඉතිහාසයේ දුන්න ලොකුම ණයක්. මෙතන ලබැදියාවන් අතර ගැටුමක් තියෙනවා.ඔය වගේ නිලධාරීන්ට හොරකම් කරන්න නෙමෙයි අපි ආණ්ඩු පත් කර ගත්තේ. සමහර ටයි කෝට් දාගත්ත,ඉංග්‍රිසි කතා කරන නිලධාරීන් හිතාගෙන ඉන්නවා.මේ උන් හදාපු ආණ්ඩුවක්  උන්ට හොරකම් කරන්න ලැබිච්ච අවස්ථාවක් කියලා.

අපි ගම්බිම් මට්ටමේ දාඩිය දාගෙන,මිනිස්සුත් එක්ක ඇවිදලා , වෙඩි ප්‍රහාරවලට මුහුණ දීලා , කැප කිරීම් කරලා මේ ආණ්ඩුව පත් කරගත්තේ , එක එක නායකයෝ පස්සේ ඉන්න ටයි කාරයින්ට හොරකම් කරන්න නෙමෙයි. මේ බිලියන 10 ගැන පරීක්ෂණ කරලා.‍ඔහුව අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් කරන්න ඕනේ කියලා අපි මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ හඩ නගනවා.

ආණ්ඩුව ආවට පස්සේ එක එක මන්දිරවල ලැග ගත්ත අය මේ කරන වැඩ නිසා අන්තිමේදී සම්පූර්ණයෙන්ම සමස්ත එක්සත් ජාතික පක්ෂය, පාක්ෂිකයා තමයි මේ චෝදනාවට ලක් වෙන්නේ.

ගිය ආණ්ඩුව කාලේ හොර නිලධාරීන්ට විරුද්ධ වුනා වගේම.අපේ ආණ්ඩුව කාලෙත් මේ ඉන්න නායකයෝ පස්සේ යන හොරකම් කරන එවුන්ට අවස්ථාව දෙන්න බෑ. මේ වැඩ නිසා ආණ්ඩුව නැති වෙන්නේ ගමේ ඉන්න යූන්පී කාරයාට. අපි බලාපොරොත්තු වෙනවා නායකයෝ ඉක්මනින් මේ ගැන තීරණ ගනී කියලා.

– මිනුර රෂාන්ත

61 views

5 Comments to “ආණ්ඩුව හැදුවේ අපයි.. නායකයෝ පස්සේ ඉන්න ටයිකෝට්කාරයින් හොරකම් කරනවා..”

  1. සීගිරි says:

    කොයි ආණ්ඩුවත් හරියට කලේ ජනතාව කොල්ලකන වැඩේ …. තමුසේ ඒක දන්නවා…බොරැවට වීරයා වෙන්න හදන්න එපා…. තමුසෙලාව කවදා හරි මිනිස්සු දිවෙන් එල්ලලා දමාවි.

  2. gihan says:

    mama u.n.p. ponsiyek nowei. namth oba kiyana kthaawe podi aetthkuth thiyenawa.
    mahadawl mahabankuwa kolla nkaapu ponil ethulu siyaluma benku horunta danduwam diya yuthui.
    ehema nokaloth marikkar..ohelage arkkaalawath ithuruiwenne nehe.

  3. Samuvel says:

    කවුද ඔය කියන ටයි කෝට් කරයෝ. රානිලා , රාවීඉයා , මෝන්ග්‍යා , අකීලිකය ඔය ඕන තරම් ඉන්නේ. ඉතින් ගහපන්කෝ දුවන්නම, බොරුවට සද්දේ නැතිව.

  4. David Milli-banda says:

    It is not the නායකයෝ පස්සේ ඉන්න ටයිකෝට්කාරයින් who steal but ටයිකෝට්කාරයින් appointed by the
    ආණ්ඩුwee නායකයෝ that steal.

    Marikkayata passa / issaraha maaru wela……. ohoma wenawa kolu kaarayo raja karana adndu wala.

  5. සිංහල බන්ඩා says:

    උඹල ග‌ෙ‌නාව කිව්ව යහපාලනය රට‌ෙ‌ි සම්පත් විකුනනල හ‌ොරා කනව මිසක් වසර තුනට නයක් වත් අරග‌ෙන එක බලාගාරයක් වත් හැදුවද? දැන් දැන් න‌ොකියම ලයිට් කපන්න පටන් ගතත න‌ේද?

Main News