විජයකලාට නීතිය ක්‍රියාත්මක කරනකොට පාර්ලිමේන්තුව විසුරවලා තියෙයි…- විමල් කතානායකට කියයි….

August 8, 2018 at 10:40 am | lanka C news
විජයකලාට නීතිය ක්‍රියාත්මක කරනකොට පාර්ලිමේන්තුව විසුරවලා තියෙයි…-  විමල් කතානායකට කියයි….

කොටි සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට එරෙහිව නීතිමය පියවර ගන්නේ මෙම පාර්ලිමේන්තුව විසිරුවා හැර යළි ඡ්න්දයක් පැවැත්වීමෙන් අනතුරුවදැයි ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ජානිපෙ නායක, විමල් වීරවංශ මහතා කථානායකවරයාගෙන් ප්‍රශ්නකර සිටියේය.

මහේෂ්වරන් මන්ත්‍රීවරිය සභා ගැබට ඇතුළු වන අයුරු දුටු විගස රීති ප්‍රශ්නයක් නගමින් නැගී සිටි විමල් වීරවංශ මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය.

මෙතෙක් විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියට කිසිදු පියවරක් ගෙන නැත්තේ මන්දැයි විමසා සිටි විට කථානායකවරයා පවසා සිටියේ පොලිස් විමර්ශන නිම වී නැති නිසා නීතිපතිවරයා තමන්ට නීතිමය උපදෙස් ලබාදී නොමැති වීම මේ ප්‍රමාදයට හේතුව බවය.

– අනුරුද්ද බණ්ඩාර

.

ඔබතුමා විජයකලා මන්ත්‍රීතුමියට නීතිය ක්‍රියාත්මක කරනකොට පාර්ලිමේන්තුව විසුරවලා තියෙයිවිමල් කතානායකට කියයි

Gepostet von Wimal weerawansa am Dienstag, 7. August 2018

26 views