කෝටි හතකට වැඩි උතුරේ මත්පෙති අල්ලයි.. ඩුබායිහි සිට මාකඳුරේ මදුෂ් ජාවාරම මෙහෙයවයි..

August 12, 2018 at 4:40 pm | lanka C news
කෝටි හතකට වැඩි උතුරේ මත්පෙති අල්ලයි.. ඩුබායිහි සිට මාකඳුරේ මදුෂ් ජාවාරම මෙහෙයවයි..

රුපියල් කෝටි හතකට වඩා වැඩි වටිනාකමින් යුතු මත්පෙති 70,000 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී සෙට්ටිකුලම පොලීසිය විසින් 11 වනදා  අලුයම අත්අඩංගුවට ගත්  තරුණයා හා තරුණිය එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වව්නියාව ම‍හේස්ත්‍රාත් අධිකරණය යෝග කළ බව සෙට්ටිකුලම පොලීය පැවසීය.

සෙට්ටිකුලම පොලීසිය පැවසූවේ වයස අවුරුදු 20 ක තරුණියක් හා වයස අවුරුදු 23 තරුණයෙකු මත්පෙති එලෙස ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් මාතලේ හා කැලණිය ප්‍රදේශයන්හි පිදිංචි කරුවන් බවටය.

අදාළ තරුණිය හා තරුණයා මන්නාරමේදී ජාවාරම්කරුවන්ගෙන් මත්පෙති ලබාගෙන කොළඹ ඇතුළු ප්‍රදේශ වෙත බෙදා හැරීමට රැගෙනයමින් සිටියදී රුපියල් කෝටි හතකට වඩා වටිනාකමින් යුතු මත්පෙති සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අදාළ මත්පෙත්තක් රුපියල් 1000 ක මුදලකට විකුණන බවට අනාවරණය කොටගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මේ අතර සෙට්ටිකුලම්හි හසුවූ ට්‍රැමඩෝල් නැමති  මත් පෙති පිටුපස මේ වන විට ඩුබායිහි සැගව සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් නැමත්තා සිටින බවට තොරතුරු අනාවරනය වන බවට පරික්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම් කියා සිටියහ.

ඊට හේතුව වී ඇත්තේ අදාලමත් පෙති ඩුබායි සිට තමිල්නාඩුවටත් තමිල්නාඩු සිට මන්නාරම් මුහුදු තීරයටත් මුහුදු මාර්ග ඔස්සේ අදාල මත්පෙති රැගෙන විත් ඇති බවට සැක පල වී ඇත.

සෙට්ටිකුලම පොලිසිය වැඩිදුරටත් පැවසූවේ යාපනය දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් මත සෙට්ටිකුලම පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී අදාළ තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව කොට්ඨාශය බාර පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගේ මෙහෙයවීම යටතේ වව්නියාව සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

196 views

One Comment to “කෝටි හතකට වැඩි උතුරේ මත්පෙති අල්ලයි.. ඩුබායිහි සිට මාකඳුරේ මදුෂ් ජාවාරම මෙහෙයවයි..”

  1. "ප්‍රබා හිටියනම්" says:

    ප්‍රබා හිටියනම් අද මුන් දෙන්නගෙ මළ කඳ එතැනය
    විධායක බලේ තරම ලොවට මනාව ප්‍රබා පෙන්නවිය
    අප විධායකතුම සැහැල්ලුවට මේවා අපො අරගෙනය
    මත්කුඩු ලොව බබල අද මත්කුඩු අප රටම විධායකය

Main News