මැතිවරණ කල් දාන පුරුද්ද ඇත්තේ එජාපයටයි.. ඔක්සිජන් ශ‍්‍රීලනිපයෙන්…

August 13, 2018 at 4:40 pm | lanka C news
මැතිවරණ කල් දාන පුරුද්ද ඇත්තේ එජාපයටයි.. ඔක්සිජන් ශ‍්‍රීලනිපයෙන්…

මැතිවරණ කල් දැමීමේ පුරුද්ද ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවත් ඒ සදහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටසක් මේ වන විට ඔක්සිජන් සපයන බවත් මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රි තිලක් බණ්ඩාර මහතා (ශ‍්‍රීලංපොපෙ) පවසයි.

අද වන විට ඉදිරියට පවත්වන්නට තිබෙන සියළු මැතිවරණ කල දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම ස`දහන් කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ ලග්ගල ආසන බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් තිලක් බණ්ඩාර මහතා මෙම අදහස් පලකළේය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දිනාගතයුතු අයිතිවසිකම් දිනා ගැනීම උදෙසාත් ඉදිරි මැතිවරණ ස`දහා සක‍්‍රීය දායකත්වයක් ලබාදීම සදහාත් ගුරු සංගම් බලාත් කිරීමේ අරමුණින් වැඩසටහන සංවිධාන කර තිබිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රි තිලක් බණ්ඩාර මහතා කියා සිටියේ අතීතයේ ගුරුවරයාට තිබු ගෞරවය මේ වන විට ආණ්ඩුව විසින් විනාශ කර ඇති බවයි.

උත්සව සභාවට එක්වු මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රි ප‍්‍රමිත බණ්ඩාර තෙනේනකෝන මහතා

‘මුදල් මුලික සමාජයක ගුරුවරයාට තිබු තැන අද ඔවන්ට අිමි වෙලා තියෙනවා. මේ වන විට සමාජ තුළ ගුරුවරයා අසාර්ථක චරිතයක් බවට පත් වෙලා.

අද කසිප්පු මුදලාලිට ගමේ තියෙන තැන ගුරුවරයට නැහැ. මොකද අතීතයේ වෙදමහත්තයට,ගුරුවරයට හොද තැනක් තිබුනා. හැබැයි අද වෙනකොට පංසලේ හොදම දායකයා වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට කසිප්පුකාරයෝ. මේ තත්ත්වය වෙනස් කරන්න කාලය ඇවිත් තියෙනවා.

අපි කියනවා ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයග‍්‍රහණය කරන්න අපිට ලොකු ශක්තියක් තියෙනවා කියලා ’ යැයි ද හෙතෙම කියා සිටියේය.

නාඋල ප‍්‍රාදේශීය සා සභාපති සනත් දසනායක, විල්ගමුව ප‍්‍රාදේශිය සභාපති ඒ. ජී. තෙන්නකෝන් සහ ශ‍්‍රි ලංකා පොදුජන ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හ`දපාන්ගොඩ, නාඋල ගුරු සංගමයේ ලේකම් ආරියරත්න මහත්ම මහත්මීහුද අදහස් දැක්වීය.

– ඉන්දික අරුණ කුමාර

48 views

2 Comments to “මැතිවරණ කල් දාන පුරුද්ද ඇත්තේ එජාපයටයි.. ඔක්සිජන් ශ‍්‍රීලනිපයෙන්…”

  1. Gadol says:

    අපේ රටේ මහජනතාව වැඩියක්ම පිළිකුල් කරන පක්ෂ එක්සත් ජාතික පක්ෂය / ජනතා විමුක්ති පෙරමුණ

Main News