හෘද ස්පන්දනය අක‍්‍රමවත්.. ජ’පුරේ සැත්කම සිදු නොකරයි.. ඥාණසාර හිමි සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට..?

August 14, 2018 at 10:00 am | lanka C news
හෘද ස්පන්දනය අක‍්‍රමවත්.. ජ’පුරේ සැත්කම සිදු නොකරයි.. ඥාණසාර හිමි සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට..?

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිදු කළ යුතු වූ ශල්‍යකර්මය සිදු නොකළ බව එම රෝහලේ අධ්‍යක්ෂක වරයා සඳහන් කරයි.

උන්වහන්සේගේ හෘද ස්පන්දනය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී තත්වයක් නිසා පැය හතලිස් අටක් යන තෙක් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිට යළි සලකා බැලීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

උන්වහන්සේගේ වම් වකුගඩු වේ තිබෙන සෙන්ටි මීටර් තුනක් පමණ වන ගලක් ඉවත් කිරීම සඳහා මෙම ශල්‍යකර්මය සිදු කිරීමට නියමිතව තිබිණ.

අධිකරණයට අපහාස කලේ යයි වරදකරු කරමින් වසර 19 ක සිරදඬුවමක් වසර 06 කින් ගෙවී යන ලෙස ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් සිර දඬුවම් නියම කර ඇති අතර න්වහන්සේ මේ වන විට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත නිසා සිටින්නේ රෝහල් ගතවයි.

මේ අතර ඥාණසාර හිමියන්ට ශල්‍යකර්මය සිදුකිරීම සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙනයන බවට සමාජ ජාල සහ අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප බොදු බල සේනා සංවිධානයේ ප්‍රකාශකයෙක් කළ විමසීමකදී කියා සිටියේ එවන් කිසිදු සූදානමක් නැති බවයි.

හිමියන්ගේ ශරීර තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම අදාල ශල්‍යකර්මය ජයවර්ධන රෝහලේදී සිදු කරනු ඇති බව ද ඔහු කියා සිටියේය.

සිරගත කරන ලද පසුවද උන්වහන්සේ විරුද්ධවාදීන් විසින් හිමියන්ට එරෙහි මඩ ප්‍රචාර නවත්වා නැති බවත් ප්‍රකාශකයා වැඩිදුරටත් කීවේය.

85 views
Main News