23 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි.. එයද නිවසේදී සිදු වූ මරණයක්..

November 3, 2020 at 7:49 pm | lanka C news
23 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි.. එයද නිවසේදී සිදු වූ මරණයක්..

ශ්‍රී ලංකාවේ 23 වැනි කොරෝනා ආසාදිත මරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් වාර්තා කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවකි.

ඇය ඊයේ දිනයේ සිය නිවසේ දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ ඇය කොරෝනා ආසාදිත බවයි.

මෙම කාන්තාව උණ කැස්ස උගුරේ ආසාදන ආදී රෝගී තත්වයන්ගෙන් පෙලී ඇති බව ද මරණයට ආසන්නතම හේතුව පෙනහළු ආසාදනය වීම බවත් හඳුනාගෙන ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

43,430 views

9 Comments to “23 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි.. එයද නිවසේදී සිදු වූ මරණයක්..”

  1. අජානීය ඉස්කූටර් says:

    මුලින්ම සතිදෙකක් ගම්පහට ඇඳිරීනීතිය දැම්ම නම් මේ මිනිස්සු අදත් රෑට කාලා නිදියගන්නවා. ද්විත්ව පුරවැසි හුටපටයක් ආවනේ.

    • නීලා says:

      දැන් මැරෙන ඔක්කොටම කොරෝනා ලේබලේ නේද බටහිර වෙද මහත්තුරුන්ගෙ තෛලය

    • පොට්ටුවේ පඩි තකයා says:

      බය නොවී ඉන්න. ද්විත්ව පුරවැසියා ඉන්නවා ඕන එකක් කරගහන්න. හෙට අනිද්දට පාර්ලිමේන්තු ඇවිත් දුමින්ද සිල්වත් එක්ක එකතුවෙලා කොරෝනා මර්ධනය කරන්න විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන්න යන්නේ. එතකන් ඔය පවිත්‍රා නෝනා කියන බයිලා ගණන ගන්න එපා. අර දහදහේ බඩු මල්ල හම්බවුණු එකෙක් පණ පිටින් ඉන්නවා නම් මෙතන කොමෙන්ට් එකක් දාන්න.

  2. ආගමික ශබ්ද දූෂණය එපා says:

    අපිවත් බාගෙට මැරිලා ඉන්නෙ. පන්සලෙන් රතන සූත්‍රය ලවුඩ්ස්පීකර් බැඳන් දානවා පුදුම හයියෙන්. සද්දෙ පොඩ්ඩක් අඩු කරන්න කීවම අහන්නෙ නෑ. මේක අපි වගේ පන්සල් වටපිටේ ඉන්න හුඟක් අයට තියෙන ගැටළුවක්.. මෙහෙම තක්කඩි මිනිස්සුනේ නිවන් දකින්න හදන්නෙ.

    • Dubba says:

      ඔය කියන අහල පහල කට්ටිය එකතු වෙලා පන්සලේ හාමුදුරුවන්ට කතා කරන්නකෝ මහත්තයෝ.
      ආණ්ඩුවටම කියා කියා මෙතන කොටන්නේ.
      ඔයාගේ ගෙදර ලඟින් කොළඹ ගිහින් අයෙත් ඔයාගේ ගෙදර ළඟටම එන්න වටයක් යනවනේ.

    • Dilan says:

      මොස්ක් එකේ ශබ්ධ දූෂණය ගැනත් කියන්න.

    • Siripina says:

      mala perethayanta yakkunta paw karyinta pirith ahanna ba

    • jayalath says:

      ඇත්තටම කණගාටුයි ඔබේ අපහසුතාවයගැන. මා බෞද්දයෙක්, නමුත් ඔබේ මතය හා එකඟයි.

  3. Saradiel says:

    නිවන් සැප ලැබේවා