වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්.. නිලධාරීන් කාන්තා රැදවියන්ට දිගට හරහට පහර දෙයි.. ඔළු පැලී අතපය කැඩෙයි..

August 20, 2018 at 10:47 pm | lanka C news
වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්.. නිලධාරීන් කාන්තා රැදවියන්ට දිගට හරහට පහර දෙයි.. ඔළු පැලී අතපය කැඩෙයි..

කාන්තා රැදවියන් හා බන්ධනාගාර නිලධාරීන් අතර වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම නිසා රැඳවියන් තිදෙනෙක් හා නිලධාරීන් 08 දෙනෙකු ‌තුවාල ලබා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඔහු පවසන්නේ කාන්තා රැදවියන් සියයක් පමණ සිරකුටිද කඩාගෙන විත් බන්ධනාගාර නිලධාරීන්ට ගල් ගැසූ බවයි.

මෙම කැරැල්ල මර්දනය සදහා නිලධාරීන් විසින් අවම බලය යෙදූ බවද ඔහු සදහන් කරයි.

කාන්තා රැඳවියන් 52ක් අත්අඩංගුවට පත්ව ඇති අතර එම පිරිස වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත.

කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ රැදවියන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා පවසන්නේ බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දීම නිසා කාන්තා රැුදවියන් විශාල පිරිසකගේ ඔළු පැලී අතපය කැඩි ඇති බවයි.

268 views

6 Comments to “වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ලක්.. නිලධාරීන් කාන්තා රැදවියන්ට දිගට හරහට පහර දෙයි.. ඔළු පැලී අතපය කැඩෙයි..”

  1. gihan says:

    MEMA KAANTAA RENDAWIYANTA PAHARADEE. TUWAALAKARA . ATH PAYA KADAA
    BANDHANAAGAARA NILADHAARINTAH PAHARA DEE TUWAALA KIREEM PITUPASA
    INNE…G.R…BAWA TALA.. TALAA. NOONA . NOKIWWOTH.PUDUMAYAK.

  2. සරත් ව්ජේසූරිය says:

    කාන්තාවක් බන්ධනාගාර ඇමති හැටියට පත්කළේ ඔය ගෑණු ටිකට තලවන්න තමයි.
    නැතුව ඔය ගෑණු ටික පාලනය කරන්න අමාරැයි.
    බන්ධනාගාර ගතවෙලා ඉන්නෙ හොර තක්කඩි ගෑණු ටිකක්. මුං ගෙදර ආවත් මිනිස්සුන්ට කරදරයි.
    නඩු ප්‍රමාදය උසාවියේ රාජකාරියක්.
    තලතා ඇමතිතුමිය, තවත් මුන්ට තලවන එකක් නැහැ.

  3. peedithaya says:

    samajaya winasa karana WERADI karala, rate neethi kadala siragatha karala inna ewun nalawannada kiyanne? mun minissu nam minissu marayida? kudu wikunayida jeewath wenna widitayak nethnam kulee wedawath karanna puluwan meda peradiga WAGE KASA PAHARA DEMU

  4. desta says:

    yaha neda me gahanne eliye kannath etule kannath neha. lankawath venizeula wenna lagai dekak neha talatha hodai tala guli hadanna

Main News