අම්ම අප්ප නැති අනාත දරුවෙක් පාර්ලිමේන්තුවේ..

August 21, 2018 at 2:10 pm | lanka C news
අම්ම අප්ප නැති අනාත දරුවෙක් පාර්ලිමේන්තුවේ..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

2017 සැප්තැම්බර් මාසයේ පළාත් සභා තුනක මැතිවරණය ප්‍රකාශ කරන්න ඔන්න මෙන්න තියලා කඩිමුඩියේ පළාත් සභා මැතිවරණ පනතට සංශෝධනයක් ගෙනැවිත් පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දමා ගැනීමේ කූඨ අරමුණින් කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දුන්නා. එදා ශ්‍රිලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ දින නියමයක් නැතිව කල් දමා  ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමේ අපරාධයට සම්මාදම් වුණා.  එදා නම් කොට්ඨාශ ක්‍රමය කියන දරුවාට අයිතිවාසිකම් කියන්න තාත්තලා ගොඩයි.  එජාපය, ශ්‍රිලනිපය පමණක් නොවේ ජවිපෙත් එදා කොට්ඨාශ ක්‍රමයේ තාත්තා වෙන්න වලි කෑවා.  කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දීලා සීමා නිර්ණයට මුවා වෙලා මැතිවරණය දින නියමයකින් තොරව කල් දාන පනත අපේ විරෝධය මැද පාර්ලිමේන්තුව සම්මත කලේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන්.

එහෙම සම්මත කරපු පනත යටතේ සකස් කළ කොට්ඨාශ සීමා නිර්ණ වාර්තාව මේ මාසේ 24 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිතයි.  අපි නම් එදාත් විරුද්ධයි.  අදත් විරුද්ධයි.  හැබැයි කොට්ඨාශ ක්‍රමය හඳුන්වා දෙන මේ වාර්තාවට එජාපයත් විරුද්ධලු.  ජවිපෙත් විරුද්ධලු.  ශ්‍රිලනිපය විතරයි තවම මතයක් කිව්වේ නැත්තේ.  මේ සෑම පක්ෂයකම නියෝජිතයෙකු සීමා නිර්ණ කමිටුවේ සිටියා කියන එකත් අමතක කරන්න එපා.  පනතට ආඩම්බරයෙන් අත උස්සපු අයත් විරුද්ධ වෙන විට සීමා නිර්ණය වාර්තාව අම්මෙක් අප්පෙක් නැති අනාථ දරුවෙකු වෙනවා.

ඇත්තෙන්ම ආණ්ඩුව කරන්නේ නාටකයක්.  ඒ අයට ඕනෑ කුමකට හරි මුවා වෙලා පළාත් සභා මැතිවරණය කල් දමන්න.  ජනපතිවරණය පවත්වන තෙක් වෙනත් කිසිම මැතිවරණයක් එන්නේ නෑ කියා 2018 ජූනි 18 දින මම කිව්වා.  ඔන්න දැන් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා මගේ මතය සනාථ කරලා.  එතුමාත් කියනවා මුලින්ම එන්නේ ජනපතිවරණයලු. මේ කොට්ඨාස සීමා නිර්ණයට මුවා වෙලා පළාත් සභා මැතිවරණය කල්දාන්න දෙන්න බෑ.  දැන් ශ්‍රිලනිපය කොට්ඨාශ ක්‍රමය ඕනෑ කියනවා.  එජාපය එපා කියනවා.  දෙගොල්ලෝ දෙපැත්තට බෙදිලා කඹ අදින අතරේ පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල් යනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මතය රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ ඩග්ලස් දේවානන්දන් ඇමතිවරුන් සමග කළ සාකච්ඡාවේ දී මහින්ද ජනාධිපතිතුමා පැවසුවා. අපේ මතය තමයි රටට වඩාත් ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හදන එකට අපි පක්ෂයි.  නමුත් ඒකට මුවා වෙලා මැතිවරණ කල් දාන්න දෙන්න බෑ.  ඒ නිසා කාටත් පිළිගත හැකි සීමා නිර්ණයක් සකසන තෙක් පැරණි ක්‍රමයට සෑම මැතිවරණයක්ම අදාළ දිනයේ පැවැත්විය යුතුයි.

ඇත්තෙන්ම ක්‍රියාකාරි වගන්ති එකක් පමණක් අඩංගු පනතක් සම්මත කිරීමෙන් පැරණි මැතිවරණ ක්‍රමයට ඡන්ද පැවැත්විය හැකියි.  “2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත යටතේ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියළුම පියවර සම්පූර්ණ කරන තෙක් එකී පනත සම්මත කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව පැවැති සියළුම විධිවිධාන වලංගු වන්නේය“ යන වගන්තිය තිබෙන පනතක් සම්මත කිරීම විතරයි අවශ්‍ය වෙන්නේ. තව වගන්ති දෙකක් දෙපැත්තට දාන්න වෙනවා. පළමු වගන්තිය ඕනෑම පනතක වෙන්නේ පනතේ නම. අන්තිම වගන්තිය ‍වෙන්නේ සිංහල සහ දෙමළ පනත් දෙක අතර අනුනුකූලතාවයක් ඇති වුනොත් සිංහල භාෂාවෙන් ඇති පනත බලාත්මක වන්නේය  කියන වගන්තිය. ඒ දෙක සෑම පනතකම පළමු වගන්තියත් අන්තිම වගන්තියයි ඒ දෙක මැදට ඔබන්න ඕන එකම එක වගන්තියක් පමණයි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා නාටක රගන්නේ නැතුව  ආණ්ඩුවට ඇත්තටම පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය නම් මැතිවරණ ක්‍රම ගැන බොරු  පුරසාරම් දොඩන්නේ නැතුව හැකි ඉක්මනින් මේ තනි වගන්තියේ පනත පාර්ලිමේන්තුවට ගේන්න යැයි අපි ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

139 views

7 Comments to “අම්ම අප්ප නැති අනාත දරුවෙක් පාර්ලිමේන්තුවේ..”

  1. Fernando says:

    This patriot’s wife and children are in Australia. What a wonderful guy.

    • Nima says:

      Patriots need to protect their families as well a tthe motherland. He has done the right thing under this environment which is full of revenges

    • Dp says:

      මීහරකෝ දෙශප්‍රේමියෙක් නිසා තමයි උදය පවුල එහේ හිටියත් අපි වෙනුවෙන් මෙහෙ ඉන්නේ.උඹත් අර ජාතියේම නපුන්සක සමනලයෙක්ද .

    • ‍ජ‍හ‍ම‍න‍ය says:

      එතකොට උඹ සිංහල නමක් තියාගෙන ද දොඩවන්නෙ?

  2. Gotaimbara says:

    Fernando, so what is wrong. Have you forgotten that soon after Jan 8th, Gammanpila’s wife and children were threatened? Gammanpila and Weerawansa are two of the main targets of Yahapalanaya.

    I am proud that Gammanpila stayed behind and doing clean politics.

  3. Fernando says:

    Above comments show me, whatever done by their lovers it is correct. If the same thing done by their enemies we would have seen their nice comments,ridiculing them.
    SLAVERY to the maximum.

  4. Nima says:

    Not whatever but the right things

Main News