සීමා නීර්ණය පරාජය වී දවසයි.. වාර්තාව හැදු කමිටුවේ ප‍්‍රබලයෙක් මියයියි..

August 25, 2018 at 3:50 pm | lanka C news
සීමා නීර්ණය පරාජය වී දවසයි.. වාර්තාව හැදු කමිටුවේ ප‍්‍රබලයෙක් මියයියි..

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ වාර්තාව සකස් කරන ලද පංච පුද්ගල කමිටුවේ සාමාජිකයෙක් අද දිනයේ හදිසියේ මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කල මහාචාර්ය හිස්බුල්ලා මහතායි.

යාපනයේ දී පැවති උත්සවයකට සහභාගී වෙමින් සිටියදී ඒ මහතා මෙසේ මියගොස් ඇත්තේ හදිසියේ වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙනි.

පළාත් පාලන සීමානිර්ණ වාර්තාව ඊයේ දිනයේ වැඩි ඡන්ද 139 කින් පරාජයට පත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවකු ඊට පක්ෂව ඡන්දය ලබා නොදීම විශේෂත්වයකි

27 views
Main News