රියදුරුගේ නින්ද නිසා ලොරිය පාලමට වැටෙයි දෙදෙනෙකුට තුවාල..

August 27, 2018 at 2:09 am | lanka C news
රියදුරුගේ නින්ද නිසා ලොරිය පාලමට වැටෙයි දෙදෙනෙකුට තුවාල..

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කනගරායන්කුලම්  ප්‍රදේශයේදී ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන කුඩා පාලමකට වැටීමෙන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට කනගරායන්කුලම් පොලීසිය කියා සිටියේය.

කනගරායන්කුලම් කොල්ලාර් පුලියන්කුලම් ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ අදාල ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන කුඩා පලමක බැම්මද කැඩී පාලම තුලට වැටී ඇති අතර එම අනතුරින් රියුදරු ඇතුලු රිය සහයක තුවාල ලබා රෝහලගත කල බවට කනගරායන්කුලම් පොලීසිය කියා සිටියේය.

ලොරි රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කල කනගරායන්කුලම් පොලීසිය අනාවරනය කොට ගෙන ඇති අතර නතුරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු සිදු කරයි .

– වන්නි රොමේෂ් මධුෂංඛ

81 views
Main News