පැරදු සීමානිර්ණ වාර්තාව හදන්න කෝටි 2.12ක් වියදම් කරලා..

August 27, 2018 at 6:48 pm | lanka C news
පැරදු සීමානිර්ණ වාර්තාව හදන්න කෝටි 2.12ක් වියදම් කරලා..

පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 139 කින් පරාජය කරන ලද පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සැකසීම සඳහා රුපියල් ලක්ෂ 212 ක මුදලක් වියදම් වී ඇතැයි වාර්තාවෙයි.

ජනාධිපතිවරයා විසින් සීමා නිර්ණය කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර එය පිළිබඳව සියලුම වියදම් වෙනුවෙන් මෙම මුදල් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ වාර්තාවල සඳහන් වේ.

ප‍්‍රවාහන, කාර්යාල, පඩි ගෙවීම්, උපකරණ ආදී කරණා සදා මෙම මුදල වියදම් වී තිබේ.

පුනරාවර්තන වියදම් ලෙස ලක්ෂ 104ක්, ප‍්‍රාග්ධන වියදම් ලෙස ලක්ෂ 108 වශයෙන් මෙම කමිටුවට භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර දී තිබේ.

24 views

9 Comments to “පැරදු සීමානිර්ණ වාර්තාව හදන්න කෝටි 2.12ක් වියදම් කරලා..”

  1. මුන් මුලු රටම බංකොලොත් කලා අප්පෙ රටට කල වනාසෙට වන්දි ගෙවිය යුතුමයි.

    • Nalaka says:

      සිංහල දෙමළ කළුසුද්දන් අහිංසකයන්ගේ සල්ලි මාළු බානවා මෙන් බිලී බා ගනී.මෛත්‍රි, රනිල් මහින්ද එකම බෝට්ටුවේ ඉදිමින් කළු සුද්දන්ට සල්ලි කර ගැනීමට ඉඩ දෙයි.අනේ කාලේ වනේ වාසේ…..

  2. anura says:

    mulu ratama winasa kala thawath paw ganne nathiwa kalakanni hathikare palayaw yanna

  3. Attara koluva says:

    Ganak naha ape ara laksha 62k chande dapu salli karayo tika tax gevana hinda..

    • Asaranaya says:

      කොනකපල පයිසරයගෙ අම්මගේ අප්පගේ බූදලේනෙ ගනන් ගන්න එපා, ඕනැනම් රජයේ මුදල් අවභාවිතයට අපේ ආන්ඬුවෙන් නඩු එයි පුතෝ ! බලන් ඉන්නකෝ

  4. sakalabujan says:

    උද්ධමනය දිගින් දිගටම වැඩි වෙමින් තිබීම නිසා ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන මට්ටම පහළ යා හැකි බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා

    ඉකුත් ජූලි මාසයේ ශ‍්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.4ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

    මේ අතර පොලී අනුපාත ඉහළ යාමේ නරක ප‍්‍රවණතාවක් ඇති රටවල් අතර ශී‍්‍ර ලංකාවද සිටින බව මූඞීස් ජාත්‍යන්තර අයෝජන සේවා සමීක්ෂණ ආයතනය ඉකුත්දා කියා සිටියා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ රටතුළ ඇති විදේශීය සංචිත ඉක්මවා ණය ආපසු ගෙවීමට සිදුව තිබීමයි. පොලී අනුපාත මෙලෙස ඉහළයාම ද රටේ නිෂ්පාදන ක‍්‍රියාවලිය අධෛර්ය කිරීමට බලපෑම් කරන බව ආර්ථික විශේෂඥයින් පැවසුවා.

  5. anura says:

    untath hoda wade thamai rata winasa karanna hawul unata

  6. සීගිරි says:

    අනවශ්‍ය දේවලට නිරාපරාදේ වියදම්කර රටේ ධනය මකබස්ථාන කරන ජඩපාලන ආණ්ඩුවේ නායකයින්ට හෙන හතම වැදේවා!

  7. Open mind says:

    අඩු ගානේ එළියට වත් නොආව කමිටු වාර්තා මේ රටේ කොපමණ ඇත් ද. ?

Main News