රැයක් ගෙවෙන්නත් පෙර හර්ෂාචාරිගේ රෙදි ගැලවේ.. තමන් ගාළු වරායෙන් කෑල්ලක් ඉල්ලූ බව සුවසැරිය සමාගම කියයි…

August 30, 2018 at 3:26 am | lanka C news
රැයක් ගෙවෙන්නත් පෙර හර්ෂාචාරිගේ රෙදි ගැලවේ.. තමන් ගාළු වරායෙන් කෑල්ලක් ඉල්ලූ බව සුවසැරිය සමාගම කියයි…

පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය විසින් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

හර්ෂ ද සිල්වා මහතා
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
කොළඔ.

මහත්මයාණෙනි,

සුවසැරිය ගිලන් රථ සේවාව පිළිබදව ඔබ විසින් 2018/08/29 වන දින නිකුත් කල මාධ්‍ය නිවේදනය සම්බන්ධවයි.

මෙරට ක්‍රියාත්මක වන ප්‍රමුඛම පාරිභෝගික සංවිධානය වන අප සංවිධානය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත යටතේ ලියාපදිංචි කරන ලද සංවිධානයක් බව පළමුවෙන්ම ඔබ වෙත දන්වන අතර එසේ දන්වනු ලබන්නේ ඔබ නිවේදනයේ අප සංවිධානය පාරිභෝගික අයිතිවාසිකම් සුරකීමේ ජාතික ව්‍යාපාරය නැමැති සංවිධානයක් යනුවෙන් හදුන්වන ලද නිසාය.

ඩොලරයේ අගය වැඩි වී රුපියල බාල්දු වීම ජනතාවට වාසිදායකයැයි කියූ ඔබ වැනි පුද්ගලයෙක් අප සංවිධානය එසේ හැදින්වීම පිළිබදව හා මෙතෙක් අප සංවිධාන පිළිබදව ඔබ නොදැන සිටීම පළිබදව අප පුදුම වන්නේද නැත.

ප්‍රථමයෙන්ම අපට ඔබ ගෙන් ඇසිය යුතුව ඇත්තේ ඔබ සුවසැරිය ගිලන්රථ සේවාවේ නිර්මාතෘවරයා ලෙස පවසන්නේ කුමන පදනමකින්ද යන්නයි. මක්නිසාද යත් සුවසැරිය ගිලන් රථ සේවාව මෙරටට ලබා දුන්නේ මෙරට ජනතාව වෙනුවෙන් වන අතර එම ගිලන්රථ සේවාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හා අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දීම සදහා මූළිකවම කටයුතු කළේ ඉන්දියාවේ GVK සමාගමේ සේවය කල ශ්‍රී ලාංකිකයෙකු වන කාතික් මහතා සහ වෛද්‍ය අසිත ද සිල්වා යන මහත්වරුන් බව අප සංවිධානය හොදින් දන්නා බැවිනි. (පසුව ඔබ විසින් ඔවුන් අදාල ව්‍යාපෘතියෙන් කපා දමන ලදී)ඔවුන් විසින් අදාල යෝජනාව අගාමාත්‍යවරයා වෙත ගෙන එන අවස්ථවේ ඔබ එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් වූ බව ඔබහට අද අමතක වූවත් අපට අමතක වී නොමැත.

ජයග්‍රහණයට පියවරුන් බොහෝ සිටියත් පරාජය අවජාතක යැයි යන කියමන අප ඉගෙන ගත්තේ ඉතා කුඩා කලදීය.

කෙසේවෙතත් සුවසැරිය ගිලන්රථ සේවාව පවත්වාගෙන යනු ලබන GVK සමාගමට ගාලු වරායේ කොටසක් දීමට සූදානමක් ඇති බවට අප කරනු ලබන චෝදනාව අදටත් වලංගුවේ. අප එසේ ප්‍රකාශ කරන්නේ GVK සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ගාලුවරායේ මරීනා එකක් සෑදීම සදහා කරනු ලබන යෝජනාවේ තම සමාගම ලංකාවේ සුවසැරිය ගිලන්රථ සේවාව පවත්වා ගෙන යනු ලබන්නේ තමන් බව ඡායාරෑප සහිතව සදහන් කර ඇති නිසාය.

ඔබ කියන ආකාරයට GVK සමාගම හා සුවසැරිය පවත්වාගෙන යනු ලබන ආයතන අතර සම්බන්ධයක් නැත්නම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොමග යෑවීම පළිබදව GVK සමාගමට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙස අප ඔබ ගෙන් ඉල්ලා සිටිමු. තවද අප විසින් කල චෝදනාව පිළිබදව උරණව ප්‍රකාශ නිකුත් කිරීම තුළින් හා සුවසැරිය ගිලන්රථ සේවාවේ නිර්මෘතෘවරයා ඔබ බව පැවසීම සම්බන්ධයෙන් ඔබගේ ආචාර්යය පදවිය පිළිබදව ප්‍රශ්ණ කිරීමට අපට සිදුව ඇති බවද ඔබට කණගාටුවෙන් දැනුම් දෙමු.

ස්තුතියි”

මෙයට,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

162 views

8 Comments to “රැයක් ගෙවෙන්නත් පෙර හර්ෂාචාරිගේ රෙදි ගැලවේ.. තමන් ගාළු වරායෙන් කෑල්ලක් ඉල්ලූ බව සුවසැරිය සමාගම කියයි…”

  1. හර්ෂ ආචරියා says:

    ආචරියා නෑවතත් වරිගෙ නහගෙන (නාගෙන )

  2. රෙදි ගැලවිලා නම් අවුරුදු 3කටත් වැඩියි එදා ඉදන් අදවන තුරු රඟන හෙලුවැලි දර්ශන තමා මේ…. whatsapp ගේමක් දීලා නැව් බේරගත්තු අය තමයි මේ…හික්

  3. පඩික්කම says:

    හාස්චර්යියා නොහෝත් බඩගෝස්තරයා

  4. Gourge W Bush.. says:

    This fellow is other cunning politician in the country who consumes our hard paid taxes….He can lecture well but not a practical politician…Good example is Rajagiriya ” SOBITHA ” bridge…Its a good opportunity to see around when u stuck with traffic. ….Beautiful scene but no solutions to traffic issue. spent nearly 5 billion of our money….its a joke…..What innovative has he done to the country ??? just nithing..wearing a coat and washing / Justifying UNP dirty works..

    Harsha…… Please use your doctorate and do a job . Earn your bread and butter from it rather than eating or supporting to eat this country while depending on our tax payments…….
    You guys are just Coconut trees but no Coconut…..worthless ….Shameful fellows…..

  5. HUNA says:

    Mun Ugath HORU !

  6. sl says:

    Dr Harsha or Dr.Asitha de Siva were not the people who got this Ambulance service its Mr.Kathi Gagendran who woks for G.V.K(a Sri Lankan)had the idea and did this. Now everyone is trying to claim.

  7. Krishantha says:

    As far as I know, he does not have any Sri Lankan university qualifications. Whatever education he had was due to his money. Just being able to pay the tution fee and other expenditures in an overseas countries. No brain but just qualifications for money. Say “No” to me ? Just check his recent arguments about current issues.

  8. SuMa says:

    වැඩ බැරි පොතේ ගුරෙක්.

Main News