ව්‍යාපාරික පතාක යෝධයන් ඉතිහාසයේ නොවු විරු ලෙස ආණ්ඩුව පට්ටා ගසති..[Video]

September 2, 2018 at 9:20 am | lanka C news
ව්‍යාපාරික පතාක යෝධයන් ඉතිහාසයේ නොවු විරු ලෙස ආණ්ඩුව පට්ටා ගසති..[Video]

දිනෙන් දින කඩා වැටෙමින් පවතින ආර්ථිකය අද සියලු ක්ෂේස්ත්‍රයන්ට ගැටලුවක් වෙමින් පවතී. පසුගිය කාලයේ විශාල ලාබ ලැබූ මහා පරිමාණ ව්‍යාපාර රැසක ලාබ මේ වසරේදී අඩුවී ඇති අතර සමහරක් ආයතන පාඩු ලබන්නටද පටන් ගෙන ඇත.

මේ තත්වය යටතේ දැනට දින කිහිපයකට පෙර ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින් 6 දෙනෙකු මුල් කරගෙන පැවැත්වූ ‘ෆයර්සයිඩ් චැට් FIRESIDE CHAT’ නැමති සම්මන්ත්‍රණයට සහභාගී වූ දහසකට අධික ව්‍යාපාරිකයින් හා වෘතිකයින්ගේ ප්‍රතිචාරවලින් විද්‍යාමාන වූයේ වත්මන් රජය ගැන පුදුමාකාර අප්‍රසාදයකි.

රටේ නම් දැරූ වෘතිකයින් හා ව්‍යාපාරිකයින් ප්‍රසිද්ධ වේදිකාවකට මෙතරම් දැඩිව රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කරනු හා රජයට උපහාසයට ලක් කරනු මින් පෙර කිසිවෙකු දැක නොතිබුනි.

රජය වෙනුවෙන් යම්තාක් දුරකට කතාකලේ ලංකාවේ විශාලතම කැසිනෝ ව්‍යාපාරයේ හා තවත් ව්‍යාපාර ජාල රැසකම හිමිකරු වන ධම්මික පෙරේරා මහතා පමනි.

ඔහුගේ එක් තර්කයක් වූයේ එදා සම්මන්ත්‍රණයට සහභාගී වී සිටින කිසිවෙකුට කන්නට අඳින්නට හෝ වාහන වලට තෙල් ගැසීමට ප්‍රශ්ණයක් නැති බවත් ඒ නිසා ඔවුන් රටේ තත්වය ගැන නිකරුනේ හිත් කරදර නොකරගත යුතු බවත්ය.

නිකම් සිටියත් සාක්කුවට මුදල් ගලා එන කෝටිපති ව්‍යාපාරිකයෙකු ඒ ආකාරයට තර්ක කලාට ශාලාවේ වාඩි වී බොහෝ දෙනෙකු ආන්ඩුවට විරුද්ධව ඉදිරිපත්වූ අදහස් වලට අත්පොලසන් දුන්නේ තමන් කෙසේ වෙතත් තමන් ලඟ සේවය කරන දහස් ගනන් සේවකයින්ට දරාගත නොහැකි ජීවන බර ගැන යම් අවභෝදයක් තිබුන නිසා විය යුතුය.

“තමුන්ට ප්‍රශ්ණයක් නැත්නම් රටට මොනවා වුනත් මොකද ?” යන අරුම චින්තනය ඔවුන් බහුතරයක් පිලිගත් බවක් නොපෙනුනි.

– නාලක ගොඩහේවා

603 views