ලංකාව ඉන්දියාව වගේ වෙයි.. කම්කරු රස්සා 17කට අයදුම්පත් ලක්‍ෂය පනී..

September 3, 2018 at 12:00 pm | lanka C news
ලංකාව ඉන්දියාව වගේ වෙයි.. කම්කරු රස්සා 17කට අයදුම්පත් ලක්‍ෂය පනී..

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කම්කරුවන් 17 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් 10,3000 ලැබී ඇතැයි කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙමගින් රාජ්‍ය අංශයේ රැකියා සඳහා තිබෙන තරගය පැහැදිලිව පෙනී යන බවයි.

තරුණ තරුණියන් රැකියාවක් ලබා ගැනීමේදී ඇති ආකල්පය වෙනස් කළ යුතු යැයිද කී ඇමැතිවරයා රාජ්‍ය සේවය මෙන්ම පුද්ගලික අංශයේ රැුකියා ගැනද සිතීමට වුවමනා බව ද සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කරන ලදී අම්පාර දිස්ත්‍රික්කයේ පැවති උත්සවයක් අමතමිනි.

94 views
Main News