ඒකාබද්දයේ වැටලීමට බියෙන් 05-06 පාර්ලිමේන්තුව කල් දමනවාද..- කතානායගෙන් නිවේදනයක්..

September 3, 2018 at 12:40 pm | lanka C news
ඒකාබද්දයේ වැටලීමට බියෙන් 05-06 පාර්ලිමේන්තුව කල් දමනවාද..- කතානායගෙන් නිවේදනයක්..

කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

2018 සැප්තැම්බර් මස 5 සහ 6 දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමක් පිළිබඳව තමා වෙත උපදෙස් ලැබී ඇතැයි ගරු කථානායකතුමන් පැවසූ බවට 2018.09.02 ඉරු දින ඇතැම් ජාතික පුවත්පත් වල දේශපාලන තීරු ලිපියේ සඳහන් වූ තොරතුර මුළුමනින්ම සාවද්‍ය බව අවධාරණය කරමු.

එමෙන්ම, ගරු ජනාධිපතිතුමන් හෝ වෙනත් කිසියම් පාර්ශවයක් ගරු කථානායකතුමන්ට එවන් උපදෙස් ලබා දීමක් සිදු කර නොමැත.

පක්ෂ නායක රැස්වීමේදී හෝ වෙනත් කිසියම් ස්ථානයකදී තමාට එවන් උපදෙස් ලැබී ඇති බවට ගරු කථානායකතුමන් කිසිදු ප්‍රකාශයක් ද කර නොමැත.

එමෙන්ම, අදාල දිනයන්හි පාර්ලිමේන්තුව කල්තැබීමේ කිසිදු අවශ්‍යතාවයක් පැනනැගී නොමැති බවද අවධාරණය කරමු.

– කථානායක මාධ්‍ය අංශය

16 views

2 Comments to “ඒකාබද්දයේ වැටලීමට බියෙන් 05-06 පාර්ලිමේන්තුව කල් දමනවාද..- කතානායගෙන් නිවේදනයක්..”

  1. පොඩි එකා says:

    මොකටද අප්පා බය වෙන්නේ.. පාර්ලිමේන්තුව වටේටම යුද්ධ ටැංකි ටිකක් දාලා පාර්ලිමෙන්තුව තියන්න පුළුවන්නේ.. එන මංත්‍රී කෙනෙක්ට යුද්ධ ටැංකිවලට උඩින් පැනලා එන්න කියන්න.. කාලෙකින් ඔය ටැංකිවලිනුත් වැඩක් ගත්තේ නෑනේ…

Main News