විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් කැදවයි..
November 13, 2016 at 9:20 am | lanka C news
උතුරේ නිසි පාලනයක් නැති බව දක්වමින් එක්සත් ජාතින්ගේ සාම හමුදාවක් මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබාදෙන්නැයි පොදු රාජ්‍ය මණ්ඩළ කටයුතු පිළීබඳ නියෝජ්‍ය ඇමතිනී ජොයිස් අනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත.එහෙත් විග්නේෂ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය අමැතිනිය ප්‍රතිචාර දක්වා නැත.
උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටිම ගැනද විග්නේෂ්වරන් ඇයට පැමිණිළි කර ඇත.
උතුරේ මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ R2P නැමති ක්‍රමවේදයකට අනුවය.
මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත් වී එක්සත් ජාතීන්ගේ සාම හමුදාවක් එවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමිවේ.
උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෘප් කල්ලියේ ක්‍රියාකාරකම් වලට මුවාවි විග්නේෂ්වරන් මෙම ඉල්ලීම කර ඇත.
මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙරටට ගෙන ඒමට දැරූ උත්සහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.
මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෘප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේෂ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්රියාකාරිකයෙකුද සිටින බවයි.
– දිවයින
ප්‍රේමදාස වගේ ඡනාධිපතිවරයෙක් හිටිය නම් අර ඩේවිඩ් ග්ලැස්ටන් එංගලන්තයට එලෙව්ව වගේ මෙලහකටත් මහ ඇමතිව පන්නලා දාලා…
“ජාත්‍යන්තර සම්මුතිය” රජ්‍ය භාෂාවෙන් දකුණට නොදී වෙනම රටක් සදහා අවශ්‍ය වන “නෛතික බලපත්‍රය” උතුරට දුන්නේ ඇයි?
http://vigasapuwath.blogspot.com/2016/09/blog-post_91.html
It’s true. Goog prediction
මුං හංසයාට කතිරෙ ගැහුවෙ නිකං ම නොවේ, දැං ඉතිං පෙරොන්දු ඉටුකරපියව්! නැත්තං අතුගාලම දාපියව්!