ජනබලයට බෙදු විෂ කිරි පැකට් බී ඩලස්ට අසාධ්‍ය වෙයි..

September 13, 2018 at 9:20 am | lanka C news
ජනබලයට බෙදු විෂ කිරි පැකට් බී ඩලස්ට අසාධ්‍ය වෙයි..

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන බල විරෝධයට බෙදා දුන් විෂ යෙදු කිරි පැකට් පානය කිරීමෙන් තමන්ද අසනීප වීම දවස් තුනක පමණ කාලයක් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

තම පුරවැසියන්ට වස දී ඝාතනය කිරීමට උත්සාහ කිරීමක් මෙරට රාජාවලිය තුළ වාර්තා වන්නේ මෙම යුගයේදී බව ද ඔහු සඳහන් කරයි.

විස යෙදු කිරි බෙදාදීම තනිකරම ආණ්ඩුවේ ක්‍රියාවලියක් බවත් පවසන මන්ත්‍රීවරයා විෂ පානය කිරීමට සලස්වා පුරවැසියන් ඝාතනය කිරීමට තැත් කිරීම නිසා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ද සඳහන් කරයි.

මෙම කිරි පැකට් තුල අඩංගු විෂ මොනවා දැයි කිසිවෙකු නොදන්නා බවත් මේ වනතෙක් මිල්කෝ ආයතනය ද මේ ගැන ප්‍රකාශයක් කර නැති බවත් ඔහු පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

253 views
Main News