හමුදාවෙන් ඉඩම් ඉල්ලා වවුනියාවේ විරෝධතා.. ජවිපෙ මන්ත‍්‍රිත් විරෝධතාකරුවන් සමග..

September 16, 2018 at 6:48 pm | lanka C news
හමුදාවෙන් ඉඩම් ඉල්ලා වවුනියාවේ විරෝධතා.. ජවිපෙ මන්ත‍්‍රිත් විරෝධතාකරුවන් සමග..

යුද්දෙන පසුව නැවත පදිංචියට පැමිණි වව්නියාව බෝගස්වැව කලාපයට ප්‍රදේශයට අයත් කුඹුරු සාමාන්‍ය ගොවීන්ට ගොවිතැන් කිරීමට ලබා දෙන ලෙසින් ඉල්ලා විශාල ගොවීන් පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවත්වුණි.

බෝගස්වැව ගොවි අයිතීන් දිනාගැනීමේ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූ අතර මේ සඳහා නන්දමිත්‍රගම,සැලලිහිණිගම, නාමල්ගම, බෝගස්වැව02, බෝගස්වැව සහ වෙහෙරගම ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් රැස්ව සිටියහ.

උද්ඝෝෂණ අවස්ථාව සඳහා සමස්ථලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාද සහභාගී වූ අතර උද්ඝෝෂණය නන්දිමිත්‍රගම රඹවෙට්ටිකුලම් වැව ඉදිරිපි පිහිටි ගොවිපල ඉදිරියේදී පැවත්වුණි.

උද්ඝෝෂණයේ නිරතවූවන් වැඩි දුරටත් කියා සිටියේ ,

යුද්දෙන් පසුව නැවත පදිංචිවයට පැමිණි කිසිවෙකුටත් මේ වන විට ආහාරයට අවශ්‍ය ගොවිතැන් කිරීමට කිසිදු කුඹුරක් නොමැති අතරම අවස්ථා කිහිපයකදීම රඹවෙට්ටිකුලම් වැව යටතේ ඇති අක්කර 250 කට අධික භූමිභාගයක පිහිටි කුඹුරු යාය ප්‍රදේශයේ ගොවි ජනතාවට ගොවිතැන් කිරීමට ලබා දෙන මෙන් ඉල්ලා සිටියද මේ දක්වා එයට විසඳුමක් නොලැබුනු බවටත් මේ වන විට අදාල ගොවිපල සිවිල් ආරක්ෂක බලකාය විසින් පරිහරනය කරන නිසාවෙන් එම කුඹරු යාය ගොවි ජනතාවට ලබා දෙන ලෙසටයි.

සිවිල් ආරක්ෂක බලකාය විසින් ඉතා කුඩා ප්‍රමාණයක් ගොවිතැන් සිදු කලද ප්‍රදේශයේ ගොවි ජනතාවට අදාල කුඹුරු ලබා දෙන්නේ නම් සියලුම කුමුරු අස්වැදිදීමට හැකි බැවින් අදාල කුඹුරු ගම්වාසීන්ට ලබා දී ජනතාව පෙලෙන මෙම සහල් හිගයට විසඳුමක් ලබා දෙන ලෙසටත් අදාල කුඹුරු වල අයිතිය ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාරතමේන්තුවට මෙන්ම ගොවිජනතාවට කුඹුරු අයිතිය ලබා දිය හැක්කේ ආරක්ෂක අමාත්‍යංශයට බැවින් ඉතා ඉක්මින් විසඳුම් ලබා දෙන ලෙසට උද්ඝෝෂණයෙ නිරත වූ වැසියන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

54 views