ලංකාව බංකොලොත් වීමේ අධි අවදානමේ.. ග‍්‍රීසියේ මට්ටමට ලෝකයේ ශ්‍රෙණිගත කෙරේ..

November 15, 2016 at 12:01 am | lanka C news
ලංකාව බංකොලොත් වීමේ අධි අවදානමේ.. ග‍්‍රීසියේ මට්ටමට ලෝකයේ ශ්‍රෙණිගත කෙරේ..

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේ අවදානමක

අයවැය කතාව සමග ඉදිරිපත් කළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ දෙවන ඡේදය පටන් ගන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දැක්ම ධනාත්මක වේ කියලා.  පට්ටපල්බොරුනෙ.ලෝකයේ ප්‍රධානම ආර්ථික ශ්‍රේණිගත කරන සමාගම් තුනක්ම ලංකාවේ ආර්ථිකය ස්ථාවර නෑ කියනවා.   2016 පෙබරවාරි 29 දා ෆිච් ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ආර්ථිකය BB ස්ථාවර සිට B+ අවදානම් දක්වා පහත දමා තිබෙනවා.  ග්‍රීක ආර්ථිකය කඩා වැටෙන විට ග්‍රීකයට ලැබුණු ෆිච් ශ්‍රේණිගත කිරීමත් B+ අවදානම්.  ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටීමේ අවදානමක් තිබෙනවා.  ග්‍රීක ආර්ථික කඩා වැටීමෙන් අත් පුළුස්සා ගත් ආයෝජකයෝ දැන් ලංකාවේ බැඳුම්කර වල ආයෝජනය කරාවි ද?  අඩුම ගණනේ ලංකාවට අඩු පොලියට ණය ලබා දේවි ද?  මේ අශුභවාදි ආර්ථික පසුබිම හේතුවෙන් තමයි සෘජු ආයෝජකයින් ලංකාවට එන්නේ නැත්තේ.  කොටස් වෙළඳපොල ආයෝජකයින් ලංකාවෙන් අකුල ගෙන යන්නේ.

2016 මාර්තු 10 තවත් ප්‍රමුඛ පෙලේ ශ්‍රේණිගත කරන ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් ලංකාවේ ආර්ථිකය B+ ස්ථාවර සිට අවදානම් මට්ටමට පහත දමා තිබුණා.  ඒ වගේම 2016 ජූනි මාසයේ දී මූඩිස් විසින් ලංකාවේ ආර්ථිකය B1 ස්ථාවර මට්ටමේ සිට සෘණ නැතිනම් අවදානම් මට්ටමට පහත දමා තිබුණා.

ෆිච්,  ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස් සහ මූඩිස් යන ආයතන තුනම ලංකාවේ ශ්‍රේණිය පහත දැමීමට හේතුත් කියා තිබුණා.  ආර්ථික වර්ධනය කඩා වැටීම, රාජ්‍ය මූල්‍ය හිඟය ඉහළ යෑම, ගෙවුම් ශේෂ හිඟය භයානක අඩියකට වැටීම, ආණ්ඩුව පාලනයකින් තොරව ණය ගැනීම,  ණය පොලී අධික ලෙස ඉහළ යෑම සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරණයපිලිබඳ ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තු සුන් වීම තමයි හේතු විධියට දක්වලා තිබෙන්නේ.  හැම gammanpilaආයතනයක්මබැනලා තිබෙන්නේ මුදල් ඇමතිතුමාටයි.  හොඳ වෙලාවට ලංකාවේ පත්තර මේකට වැඩි ප්‍රසිද්ධියක් දුන්නේ නෑ.  පත්තරේදැම්මා නම් ජනාධිපතිතුමා මුදල් ඇමතිව වහාම ඉවත් කරනවා.

මේ ශ්‍රේණිගත කිරීම් ගැන ආයෝජකයෝ දන්නවා.  ඒ අතරේ මුදල් ඇමතිතුමා ලංකාවේ ආර්ථිකයේ දැක්ම ධනාත්මකයි කියන විට මුදල් ඇමතිතුමා බොරු කියන්නේ කියලා මේ අය දන්නවා.  ඉතින් අයවැය පිලිබඳ කවුරුත් කිසිම විශ්වාසයක් තබන්නේ නෑ.

– අරවින්ද අතුකෝරල

115 views
Main News