චමල් එපා කියා ගස් නැග්ග ගමට මහින්ද යයි..

September 25, 2018 at 10:00 am | lanka C news
චමල් එපා කියා ගස් නැග්ග ගමට මහින්ද යයි..

‘අද මොනතරම් සමාජය පිරිහිලා තියනවද.ඒ සමාජය පිරිහිලා තියෙන ආකාරය අපිට පැහැදිලි වනවා හැම තැනම මංකොලකෑම් උතුරට එක නීතියක් ආවා කල්ලිය මර්ධනය කරන්න අවසරය ඉල්ලනවා.දකුණේ එහෙම එකක් තිබුනානම් අවසර ඕන නැහැ.පොලීසියට ඕනවෙලාවක ගිහිල්ලා ඒක මර්ධනය කිරීමේ අයිතියක් තියෙනවා.හැබැයි උතුරේ මර්ධනය කරනන යනවනම් හැබැයි උතුරට ඒකට වෙනම නීතියක් ඒකට අවසර ගන්න ඕනලු.තාම අවසර දීල නැහැ වගෙයි මට පේන්නේ’ යයි හිටපු ජනාධිපති මහින්දපරාජපක්ෂ මහතා කීය.හිටපු ජනාධිපති වරයා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේ පැවැති ආගමික උත්සවයකට සහභාගී වෙමිනි.

ඇඹිලිපිටිය හීන්දලුක්හින්න වනවාසී නාග මහා විහාරයේ දඹදිවින් වැඩම කරන ලද බෝධීන් වහන්සේ රෝපණය කිරීම සහඅවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ  නිරාවරණය කිරීම සදහා හිටපු ජනාධිපතිවරයා 24 පෝදින  සවස් කාලයේදී එක්විය.මෙම අවස්ථාව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ වැඩ බලන සභාපති සුරන්ත වීරසිංහ මහතා සහ දායක සභාව විසින් සංවිධානය කර තිබිණි.

පවිත්‍රා වන්නි ආරච්චි මණ්ත්‍රීවරිය කාංචන ජයරත්න හිටපු පලාත් සභා මන්ත්‍රීවරයා ඇතුලු දේශපාලඥයින් මෙන්ම විශාල පිරිසක් මෙම අවස්ථාව සහභාගී වී සිටින ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති වරයා කියා සිටියේ,මේ වෙලාව බුදු දහමට තර්ජනයක් තියෙන වෙලාවක්.ව්‍යවස්ථාවෙන් බුදු දහම රකින්න ක්‍රියා කරන්න අපි බැදී සිටියත් මේ රජයන් බුදු දහමට කරන නිගාවන් බලල නිහඩව සිටීම කණගාටුදායකයි.

මොකද අපි දන්නවා අද පොත් ලියනවා.නවකතා කරුවන් පොත් ලියනවා නාට්‍ය ලියනවා.නාට්‍ය හදනවා.පන්සිල් පද පහ ගැන නාට්‍ය හදනවා.ඒවායේ නම් විකෘති කරල දානව.ඒ වගේම බුදුන්ගේ රස්තියාදුව කියල පොතක් ලියනව.මේ එක්කෙනෙක්වත් වෙන ආගම්වල අය නෙවෙයි.මේ අය බුද්ධාගමේ අය.

ඒ අය කියනවා අපිට නිදහස තියෙන්න ඕන කියල.ඕන එකක් විවේචනය කිරීමට.වෙනස නම් මේ සමහර පොත් ලියන අය ආණ්ඩුවේ සල්ලිවලින් තමයි මේවා හදන්නේ.මේවා ආණ්ඩුවේ අනුමැතිය ඇතිව නායකයින්ගේ අනුමැතිය ඇතිව කරන දේවල්.මේ තත්වයට රට පත්වෙලා තියෙන කොට.හාමුදුරුවරු හිරේ දානවා..උඩුවේ ධම්මාලෝක හිමියන් පිටරට වඩිනකොට  ගුවන්යානය නවත්තල හාමුදුරුවො එළියට දානව බෑග් දෙක බිමට දානව.මේ තත්වෙ තමයි අද තියෙන්නේ.

මේ අය මේ කාරණා කරන්නේ අද බුදු දහමට නිගා කරන්න.ඊලගට කියනවා ස්කෝල වලට ඇවිත් නාට්‍ය පෙන්නනව කියල.මම දන්නේ නැහැ මෙහාටත් ඇවිල්ල වීදි නාට්‍ය පෙන්නුවද කියල.ඒ නාට්‍ය වල පෙන්නන්නේ ආගමක් ඕන නැහැ.මොකද බෞද්ධයන්ට විතරයි මේක පෙන්නන්නේ.මුස්ලිම් ජනතාවට ස්කෝලෙක හෝ පල්ලියක පෙන්නුවනම් ගුටිකාල එන්නවෙනවා.වෙනත් ආගමික පාසලකට ගිහින් පෙන්නුවනම් ගුටිකාල එන්නවෙනවා.බෞද්ධයෝ ඉවසන හින්දා හිනාවෙල යන්න යනවා.ඒ බෞද්ධයන්ගේ බුදු දහමින් ලැබුනු  ආභාෂය,ඉවසීම.

ඉතින් මම හිතනවා මේවා පිළිබදව අපිට හිතන්න වෛලා තියනවා.ආඪ්ඩුවේ අනුග්‍රහයෙන් මේ තත්වයන් ඇතිවෙනකොට අපේ ජන්දයෙන් ජනතාවගේ ජන්දයෙන් පත්වුන උදවිය ඔවුන් දුන්න පොරොන්දුව ඉෂ්ඨ නොකර ඔවුන් මේ කරන්න යන විකාරයහ ගැන කල්පනා කරන්න ඕන ඔබතුමාල.

හාමුදුරුවනේ එම නිසා අද යුගයේ අවෂ්‍යතාවය .   තියනවා   දරුවන් වඩාත් යහ මගට හරවන්න  ඒ වගේ බුදු දහමත් එක්ක සම්බන්ධ කරන්න,  දහම්පාසලත් එක්ක සම්බන්ධ කරල  කටයුතු කරන්න අද කාලය ඇවිල තියෙනවාතඒ නිසා මේවා පිළිබදව අවබෝධයක් ඇතිව අපි කටයුතු කරන් ඕන කියන එකයි අපේ විශ්වාසය.

දකුනේ එකම දිනේදී මිනීමැරුම් දෙකක්.අමු අමුවේ තරුණයෝ දෙන්නේකුට වෙඩිතියල මරණවා.රජය අසරණ වෙලාලු. ජනතාව අසරණවෙලා තියෙන්නේ කියල මම හිතන්නේ.රජය මේවට ඇස්දෙක පියාගෙන ඉන්නවා.පාතාලය රජවෙමින් පවතිනවා.ගම ඇතුලට කුඩුවෙනවා.මත්ද්‍රව්‍ය මේක පාසල් වලට පවා බෝවෙලා යනවා.

අපේ අම්මලාගේ යුතුකමක් තියෙනව.අපේ දරුවො ස්කෝලෙ ගාවට එක්කන් ගිහිල්ලා ස්කෝලේ ඇරෙනකම් හරි  ඉදල අපි දරුවා අරන් එනවා.ලොකුවෙනකොට අපි අතහරිනවා. දරුවට ඕන විදියට යනවා ස්කෝලෙ යන්නෙත් නැහැ.

අද වෙලා තියෙන්නේ එදා අපි දුවෙක්ව බලාගන්නවා.නමුත් අද අපිට පුත්තු බලාගන්න වෙලා තියෙනවා.මේ මත් ද්‍රව්‍ය තදින්ම අද ගම් ඇතුලට ඇවිල්ල තියෙනවා.පසුගිය දවසක වෙලක් මැද දඹුල්ල පැත්තේ කැලෑවක කුඹුරුයායක ලොකු පාටියක්.හික්කඩුව පැත්තේ වෙරලේ ලොකු පාටියක්.ඇතුල්වෙනකොට මත්ද්‍රව්‍ය දෙනවා එතැනසිට මත්ද්‍රව්‍ය අරගෙන තරුණ තරුණියෝ අසභ්‍ය ලෙස හැසිරෙනවා.

මේ තත්වය මේ සමාජයට දරුණු ලෙස කා වැදෙමින් තියෙනවා.මේකෙන් අපේ දරුවන් බේරාගැනීමේ වගකීමක් දෙමාපියන්ට වගේම භික්ෂූන් වහන්සේලාටත් ඒවගේම රජයටත් තියෙනවා.රජය ඒක කරන්නේ නැහැ.වැඩිහිටියෝ සහ හාමුදුරුවරු විශේෂයෙන්ම පන්සල් ආශ්‍රිතව මේ දෙමාපියොත් එක්ක එකතුවෙලා මේ දරුවන් රැක ගැනීමේ වගකීමක් ගන්න ඕන.නැත්නම් ජාතිය පිරිහිලා යයි.මත්ද්‍රව්‍ය නිසා ඇතිවෙන පිරිහීම රට තුලට ඇතුල්වෙයි.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

66 views
Main News