මඩකලපුවේ පන්සල මුළුමනින්ම ඩෝසර් කර ගල් කණු ගවලා විසිකරති..

November 15, 2016 at 10:40 am | lanka C news
මඩකලපුවේ පන්සල මුළුමනින්ම ඩෝසර් කර ගල් කණු ගවලා විසිකරති..

මඩකලපුවේ කරදියන් ආරුහි තිබූ ඓතිහාසික විහාරස්ථානයක් මුළුමනින්ම ඩෝසර් කර දමා කුඹුරක් සාදා වී වගා කර ඇත්තේ යයි මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.

විහාර බිමේ තිබූ ඓතිහාසික ගල්කණු ගලවාදමා ගොඩ ගසා පන්සල තිබූ ප‍්‍රදේශයේ කුඹුරු කොටා වී වගා කර ඇත.

මෙම ඉඩම ඇතුළු අක්කර ගණනාවක් බලහත්කාරයෙන් අල්ලාගෙන කම්බි වැටවල් ගසා ඇතැයිද සුමනරතන හිමියෝ කියති.

4564

40 views

17 Comments to “මඩකලපුවේ පන්සල මුළුමනින්ම ඩෝසර් කර ගල් කණු ගවලා විසිකරති..”

  1. love nature says:

    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම

  2. love nature says:

    කෙස් ගහ පවා පිට රටවල මිනිසුන් නේ

    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ

    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ

    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ

    මෑත යුගයේ මෙරට පහළ වූ දෑ හිතකාමීන් අතර එස්.මහින්ද හිමියන් අනාගත පරම්පරාව ඉදිරි කාලපරිච්ඡේදවලදී ආදරයෙන් සමරනු නිසැකය.

  3. saradieal says:

    සතුරුව පෙරමුණට එතොත්
    අර මහමෙර සමඟ වුවත්
    සතුරු වෙයන් පුතේ නුඹත්
    ඒකයි හරි වීරකමත්

    එස්.මහින්ද හිමි

  4. gadol says:

    ඉපදුණු රටට අදහන ආගමට සෙට
    මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
    පැටවුණු බරක් මෙන් ලංකා පොළොව පිට
    පසුවන එක හොඳ ද සිංහල පුතකු හට……….

Main News