ජනපති-අගමැති මත තදින් ගැටේ.. ජනපති පළු යන්න බනිද්දී අගමැති ස්තූති කරයි..

October 3, 2018 at 10:40 am | lanka C news
ජනපති-අගමැති මත තදින් ගැටේ.. ජනපති පළු යන්න බනිද්දී අගමැති ස්තූති කරයි..

රට තුල අපරාධ අඩු වී ඇතැයි සමහරුන් විසින් සිදු කරන ප්‍රකාශ පිළිගැනීමට නොහැකි යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩල හමුව අමතමින් සදහන් කර ඇත.

ඇමැති විජයදාස රාජපක්ෂ මහතාද එම ප්‍රකාශය අනුමත කරමින් සදහන් කර ඇත්තේ රටතුළ අපරාධ සිද්ධි ඉහල යාමක් පෙන්නුම් කරන බවයි.

එම ප‍්‍රකාශයන් බැහැර කරමින් රංජිත් මද්දුම බණ්ඩාර පොලිසිය භාර ඇමැතිවරයා පෙන්වා දී ඇත්තේ අපරාධවල අඩුවීමක් ඉතා පැහැදිලිව ඇතත් මාධ්‍ය වලින් අපරාධ වැඩිපුර හුවා දැක්වීමක් කරන බවයි.

ඇමති මංගල සමරවීරද එම ප‍්‍රකාශය අනුමත කරමින් අපරාධ විශාල වශයෙන් පහත වැටී ඇති බවත් වැඩි වී ඇතැයි පවසන්නේ මාධ්‍යවලින් රට අස්ථාවර කිරීමේ අරමුණින් බවත් පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා අවසානයේ සදහන් කර ඇත්තේ කවුරුන් කුමක් කියුවත් පොලිසියේ ක්‍රියාවන් ගැන පැහැදීමක් නැති බවයි.

මේ අතර අගමැතිවරයා පසුගිය දිනෙක උත්සව සභාවක් අමතමින් කියා සිටියේ මාධ්‍ විසින් වාර්තා නොකලත් අපරාධ ප්‍රමාණය අඩු වී ඇති බවත් අපරාධ විසදන ප්‍රමාණය වැඩිවී ඇති බවත්ය.

පොලිස්පති තුමා ඇතුළු සමස්ත පොලීසියට තම ස්තුතිය පල කරන බවද අගමැතිවරයා එහිදී පැවසීය.

39 views
Main News