බැසිල්ට එරෙහිව විමල් කට අරී.. බැසිල්ගේ අම්බලම් කතාවට දැඩි චෝදනා..

October 13, 2018 at 10:00 am | lanka C news
බැසිල්ට එරෙහිව විමල් කට අරී.. බැසිල්ගේ අම්බලම් කතාවට දැඩි චෝදනා..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ශ‍්‍රී ංලකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ඉරිදා ලංකාදීප පුවත්පත සමග දක්වා ඇත.

දේශපාලනයේදී අතරමඟ අම්බලම් නැති බවට බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ලංකාදීපයට කරන ලද ප‍්‍රතාශයක් ගැන මාධ්‍යවේදී ප‍්‍රසන්න සංජීව විසින් කල විමසීමට මන්ත‍්‍රීවරයා දී ඇති පිලිතුර මෙසේය.

‘තාවකාලික අම්බලම් නෑ. මෙහෙමයි සමහරුන්ට තාවකාලික අම්බලම් හැටියට පේන්නේ වැරදි දේවල්. මේක තාවකාලික අම්බලමක් නොවෙයි. මේක තාවකාලික අම්බලමක් හැටියට හඳුන්වන්න බෑ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි අගමැති හැටියට පත් කිරීම අම්බලමක්ද. එතුමාගේ අදහසට අනුව ඇමැති මණ්ඩලයක් පත් කර ගෙන රට පාලනය කිරීම අම්බලමක් ද. ඒ ආණ්ඩු බලය තියාගෙන ජනාධිපතිවරණයකට එකට යන එක මෝඩ වැඩක්ද. මේ රට වෙන්න තියෙන විපත් වලක්වන එක අනුවණකමක්ද. රටට වෙන්න තියෙන විනාශ ඔක්කොම වෙන්න ඉඩ ඇරල අන්තිමට රට ගන්න එකද නුවනක්කාරකම.

ඒක නිසා කාට හරි පේනවනම් පාර්ලිමේන්තුවේ 113 හදාගෙන බලය ගන්න එක අම්බලමට යාමක් හැටියට ඒක වැරදි චින්තනයක්. වැරදි දැක්මක්. අම්බලමක නෙවෙයි එක එක්කෙනාට එක එක විදිහට ඒක පේන්න පුළුවන්.

නමුත් මොන විදියහට හරි රනිල් වික‍්‍රමසිංහගේ පරගැති බලය බිඳින්න ඔ්නෑ. ඒකට විරුද්ධව මොනවා හරි තර්ක ගොඩදානවා නම් එහෙම කරන්නෙ තනිව බේරා ගන්න මිසක් වෙන දේකට නෙවෙයි’

59 views

18 Comments to “බැසිල්ට එරෙහිව විමල් කට අරී.. බැසිල්ගේ අම්බලම් කතාවට දැඩි චෝදනා..”

  1. හැම තැන වාද භේදය සමගිය නැතිය.
    සටනක් දිනන්නට නම් මේ ලෙස බැරිය.
    ලක්මව අනාථය පිළිසරණක් නැතිය.
    බල මුළු අවි අමෝරා සී සී කඩය.

    නායකයෝ ගොඩයි දකිනා හීන ගොඩයි.
    ජනපති, ඇමැති, අගමැති,මැතිකමම පතයි.
    හෙළයේ සතුරු කඳවුරුවල ජය නියතයි.
    ලක්මව හඬයි දරුවන් ගැන ඇයට දුකයි.

  2. Kalan says:

    Mahinda aawayi kiyala rata goda enne nee… winaasaya chutttak adu weyi, Mahinda th rata winaasa kalaa… araabiyata paara kapala deela, rata naya karawala

  3. Raawana says:

    Aandu peralanna kalin, thamunge pakshen chnde illala janamathaya penwanawada? Foot boardwala ellila yanne nethiwa…