ප්‍රධාන මර්ගයේ නායයාම සක්‍රිය වී පොළවට ගිලා බසී.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති..[photo]

October 15, 2018 at 8:40 am | lanka C news
ප්‍රධාන මර්ගයේ නායයාම සක්‍රිය වී පොළවට ගිලා බසී.. නිවාස ගණනාවක්  කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති..[photo]

නොර්වුඩ්  පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ  කාසල්රි ජලාශයට ඉහලින් වු හැටන් බගවන්තලාව , හැටන් මස්කෙලිය සහ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගය අද (15) අලුයම වන විට අඩි 10 පමණ පොළව තුලට ගිලා බැස ඇති  අතර , ඒ අසල පිහිටි නිවාස පහක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති.

මිට දින කිහිපයකට ප්‍රථම එම ප්‍රදේශය නායයාමට සක්‍රිය විමත් සමගමඑහි පදිංචි පවුල් පහකට අයත් සමාජිකයන් 23 දෙනෙකු ජාතික ගොඩනැලි ආයතනයේ නිර්දේශයක් මත ඔවුන් පදිංචි නිවාසවලින් ස්ථිරවම ඉවත් කරන ලදි .

එම ප්‍රදේශය නායාමට සක්‍රිය විමත් සමගඑම ස්ථානයෙන් රථ වාහන ගමනා ගමනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට නොර්වුඩ් පොලිසිය පියවර ගත් අතර,එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරිමට පොලිසිය පියවරගෙන තිබුණි.

එම මාර්ගයේ ගමන් ගන්නා මගින්ව නායයාමට සක්‍රිය වි ඇති ස්ථානය මගහැර නායයාමට සක්‍රිය වි ඇති ස්ථානයට ඉහලින් වු තේ වත්ත මැදින් පාගමනින් ගමන් කරවිමට පොලිසිය කටයුතු කර තිබුණි.

ප්‍රධාන මාර්ගය ගිලා බැසිමත් සමගම නොර්වුඩ්, බගවන්තලාව ,මස්කෙලිය, නල්ලතන්නිය යන ප්‍රදේශවල ජනතාවගේ ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇත.

නායයාමට සක්‍රිය වි ඇති ස්ථානය නිරික්ෂණ කිරිම සදහා ඊයේ (15)   එම ස්ථානයට පැමිණි කදුරට නව ගම්මාන හා ප්‍රජා  සංවර්න අමාත්‍යය පලනි දිගම්බරම් මහතා අවතැන් වු පවුල් 5 සදහා නොර්වුඩ් ප්‍රදේශයේම සුදුසු ඉඩමක රජය මගින් නිවාස ඉදි කර දිමට කටයුතු කරන බව පැවසිය.

නායයාමෙන් අවතැන් වුවන් ඔවුන්ගේ ඥාති නිවස්වල තාවකාලිකව නතර කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

38 views

3 Comments to “ප්‍රධාන මර්ගයේ නායයාම සක්‍රිය වී පොළවට ගිලා බසී.. නිවාස ගණනාවක් කාසල්රි ජලාශයට කඩා වැටෙමින් පවති..[photo]”

  1. Fass says:

    Siyalu denama anathurakin thorawewa!

    • Love nature says:

      කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්න අමාත්‍යය දිගම්බරම් දෙමළ කොලනි සෑදීමට කදුරට කෑලෑ කැපීමේ සාපය
      කැලා කැපීම නිසා කදු ගිලා බැසි ම සිදුවේ ….දැන් කදුරටේ වන රක්ෂිතයම එළිකරමින් වතුදෙමළ ජාතිකයන්ට නොමිලේ ගෙවල් ඉඩම් ලබා දෙයි
      එයින් සිදුවන පරිසර හානිය නායයෑමට හේතුවේ

    • LION says:

      සුද්දටවත් යටත් කරගැනීමට බැරි වූ කදුරට දැන් වතුදෙමළ දේශපාලකයන්ගේ පාලනය යටතේ .කදුරටේ ඉඩම් පාලනය ඉන්දියාවෙන් ආපු වතුදෙමලුන්ට
      .සිංහලයෙනි, උබලා මෙතරම් නිවට මෝඩ ජාතියක් වුයේ කෙසේද ? රටේ සෑම දෙයක්ම තීරණය කරන්නේ සුළු ජාතින් …අහෝ රටකට සිදු වූ විනාශයක් ….බලලෝභී දේශපාලුවන්ගේ අදුරදර්ශී ක්‍රියාවල් නිසා ,. සිංහල මව් බිමේ විනාශය වැඩි ඈතක නැහැ ඒ බවේ තේරුම් ගනිව්
      කදුරටේ අහිංසක සතුන් වතුදෙමළ ජාතිකයන් මරාගෙන කනවා ..ඒවාට කිසිම දඩුවමක් නැහැ
      ගනේෂන් සංහිදියාවේ මුවාවෙන් රටේ සිංහළ භාෂාව අභිබවා දෙමළ භාෂාව රටේ රජ කිරීමට වෑයම් කරනවා ..මිනිසුනේ මේ දේශපාලුවන් අපේ රටට කරන විනාශය තේරුම් ගනිව් ..මුළු රටම අද අනතුරේ

Main News