යහපාලන ඇමතිවරු මහා දවල් දූෂණ කටයුතුව.. බදු සහන වාහන පත්තර දැන්වීම් දමා විකුණයි.. මුදල් ඇමති ඒ බැව් නොදන්නා බව කියයි..
November 17, 2016 at 11:20 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහුගේ මහජන සේවාව කිරීමට පහසු වනසේ රේගු බදුවලින් තොරව ගමන් බිමන් වලට සුදුසු වාහනයක් ලබාදීමට මුලින්ම අවස්ථාවක් ලබාදීමට කටයුතු කලේ 1077 පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයායි. ඊට පෙර එසේ අවස්ථාවක් නොතිබූ අතර රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව හරහා පාවිච්චි කරන ලද වාහනයක් ලබාගැනිමට අවකාශ සලසා තිබුනි.
ඉන්පසුව මෙසේ ගෙන්වා ගන්නා වාහන වසර පහක පාවිච්චියෙන් පසු විකුණා දැමීමට අවසර දී තිබුනද ඊට පෙර රහසිගතව වෙනත් පුද්ගලයින් වෙත පවරා මුදල් ලබාගැනිම මන්ත්‍රීවරුන් විසින් මෑතක් වනතුරු සිදු කරන ලදි.
එහෙත් ප්‍රථමවරට කිසිම බියක් සැකක් ලැජ්ජාවක් නැතිව ප්‍රසිද්ධ දැන්වීම් මගින් මහජන මුදල්වලින් බදු සහනය ලබා මිලියන 35 ක් පමණ රටේ ආදායමට පාඩුවක් සිදු කරමින් ගෙන්වනු ලැබූ වාහන වෙන්දේසිපොලවල මෙන් ප්‍රසිද්ධියේ විකිණීම කොතරම් සාධාරණද යන්න පොදු ජනතාව ප්‍රශ්න කරනු ඇත.
එසේ කෝටි 35ක් රජයට වංචාකරමින් තම පාවිච්චියට ගෙනා වාහන දෙකක් අලෙවි කිරීමට පසුගියදා ප්‍රසිද්ධ සති අග පුවත් පතක පලවූ දැන්වීම් දෙකකි. එහෙත් රටේ මුදල් අමාත්‍යවරයා සහ නායකයින් පවසන්නේ ඇමතිවරුන් ගෙන්වන වාහන මෙසේ අලෙවි කරන බව තමුන් නොදන්නා බවය.
එහෙත් පසුගිය සති අන්තයේ පුවත්පතක රටේ අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ සංවර්ධන නියෝජ්යා අමාත්‍ය කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විසින් බදු සහන මත ගෙන්වා ගත් වාහන අලෙවි කිරීම සඳහා පලකළ පුවත් පත් දැන්වීම් දෙක පොදු ජනතාවගේ දැනගැනිමට මේසේ පලකරමු. (Link)
පව්. හදිසි අතමාරුවකට වෙන්න ඇති.
meka boruwak.me dala tiyana whane vikunanna dalath nea. boru puwathpala nokara inna.ekko boruwak unat ahu wenna karannepa.
ඔය මනුස්සයට මඩ ගහන්න එපා යකුනේ….
කලින් ගොසිප් ලංකා එකේ වීජේ අංකල්ටයි අජිත් සර් ටයි නොකිය රට ගිහින් කියලා මඩක් දාලා දවසින් අයින් කලා…
ඔය වී එයිට් එක ගෙනාවෙ ඩියුටි ෆ්‍රී එකට මාස දෙක තුනකට කලින් මට මතක විදියට…
අනික් ගිහින් බලනව මේ අවුරුද්දෙ ඩියුටි ෆ්‍රී වාහන ගෙනාපු මන්ත්‍රී ලිස්ට් එකේ විජේ අංකල් ඉන්නවද කියලා???
ටයිප් කරලා එන්ටර් කල පලියට මාධ්‍යවේදියෝ වෙන්නෙ නෑ බොලව්…
පුලුවන්නම් මේ අවුරුද්දෙ මන්ත්‍රී ලිස්ට් එකේ ඩියුටි ෆ්‍රී ගත්ත අයගේ ලයිස්තුව දාලා පෙන්නන්න…
බැහැ…
මඩ ගහන්න එපා ඇත්ත දාපන්…
ඔය වාහනේ ගත්තේ ඒ මනුස්සයා තිබ්බ සේසතම විකුනලා…
අනික ඔය වාහනේ පොතේ ෆොටෝ එකක් ගහගන්න එක ආර් එන් බී එකේ ඕන කාක්කෙක්ට සල්ලි දුන්නම කරගන්න පුලුවන්…
නිකන් පොටෝ කෑල්ලක් දාලා මිනිස්සුන්ගෙ ජනමතේ ව්ර්නස් කරන්න එපා…
දුමින්ද සිල්වලා ලන්සලා කුඩු බිස්නස් කරද්දි ඒවයේ ෆොටෝ දැම්මද?
එනවා මෙතන අහිංසක මන්ත්‍රීලට මඩගහන්න….
කමක් නැහැ අවුරුදු 20 ක සාගතය මේ සුලුකාලය තුලදී හොයාගන්න එපැය මේකට තමයි කියන්නේ මෛත්‍රී යුගයක් යහපාලනයක් තෙවනුව සංහිඳියාවක් ඒනිසා කමක් නැත?