ඉන්ධන මිල සුත‍්‍රය මොන්ටිසෝරි දරුවෙකුගේ චිත‍්‍රයක් වගේ.. ලීටරයක බද්ද 50% පැනලා.. මෙහෙම මිල සූත‍්‍ර ලෝකෙ කොහෙවත් නෑ..

October 19, 2018 at 11:20 am | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය මොන්ටිසෝරි දරුවෙකුගේ චිත‍්‍රයක් වගේ.. ලීටරයක බද්ද 50% පැනලා.. මෙහෙම මිල සූත‍්‍ර ලෝකෙ කොහෙවත් නෑ..

මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් ඊයේ දිනයේ හෙළිකරන ලද මිල සූත්‍රය පිළිගත හැකි මට්ටමේ නොවන එකක් යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

තමන් මේ ආකාරයේ මිල සූත‍්‍රයක් ලොව කොහේ හෝ දැක නැති බවත් ඒ මහතා කියයි.

මෙම මිල සූත්‍රය අනුවව පෙට්‍රල් ලීටරයක් සඳහා 36% ක බදු මුදලක් පනවා ඇති බව පෙන්නුම් කරන බවත් එමෙන්ම සෙසු වියදම් තුළ ද රජයට යම් ලාභයක් තබා ගෙන ඇති බව පෙනෙන බවත් සඳහන් කරන ඔහු ඒ අනුව පෙට්‍රල් ලීටරයක අවම වශයෙන් 50% ඉක්මවූ මුදලක් රජය විසින් බදු ලෙස අය කර ගනිමින් සිටින බවද සඳහන් කරයි.

ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල වැඩි වෙද්දී රජය දේශීය මිල වැඩි කිරීමක් අනවශ්‍ය බව මෙම මිල සුත‍්‍රයෙන් ඉතා පැහැදිලි කර දීම ගැන සතුටු වන බවත් බොරතෙල් මිල වැඩි වෙද්දී රජය කල යුත්තේ මෙම අති විශාල බදු මුදල අඩු කිරීම බවත් කබ්රාල් මහතා සදහන් කරයි.

ඒ අනුව මාස් පතා සිදු කරන ඉන්ධන මිල සූත‍්‍රයෙන් රජයේ බදු මුදල අඩුකරගෙන ගන්නා ලෙස ද ඔහු යෝජනා කරයි.

මුදල් ඇමතිවරයා ඉන්දන මිල සූත්‍රය කොල කැබලි කිහිපයක ලියා ඔසවා පෙන්වූයේ මොන්ටිසෝරි දරුවෙකු චිත‍්‍රයක් ගුරුතුමියට පෙන්වන්න ආකාරයෙන්, හයේ පහරක් එල්ල කල විට පේ‍්‍රක්‍ෂකයෙකු පුවරු පෙන්වන ආකාරයෙන් බවත් කී හිටපු මහ බැංකු අධිපතිවරයා මේ ආකාරයේ බාල වැඩක් මුදල් ඇමතිවරයෙකුට නොතරම් ක්‍රියාවක් බවත් සඳහන් කළේය.

191 views
Main News