රනිල්ගේ අත්අඩංගුවේ සිටි ජනපති මෛත‍්‍රී, මහින්ද මුදා ගනී..

November 13, 2018 at 1:20 pm | lanka C news
රනිල්ගේ අත්අඩංගුවේ සිටි ජනපති මෛත‍්‍රී,  මහින්ද මුදා ගනී..

අපේ රට යළි ගොඩ නැගිය හැක්කේ මහින්ද චින්තනය පදනම් කරගත් ජාතික න්‍යාය පත්‍රයකින් බවත්, ඒ සදහා රට ගැන හිතන සියලු දෙනා එක් විය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .

ත්‍රස්තවාදය පරාජයට පත් කරමින් එදා ආසියාවේ ආශ්චර්ය කරා ගෙන ගිය අපේ රට මේ වන විට යහ පාලන ආණ්ඩුව විසින් හැම අංශයකින් ම විනාශ කර දමා ඇති බව කී ඒ මහතා එය අදුරුතම කාලයක් ලෙස ඉතිහාස පොතට එක් වන්නේ යැයි ද සදහන් කළේය .

හෙට්ටිගේ මහතා එසේ කිවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු බොරලැස්ගමුවේ දී 10 වැනිදා පැවති දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ සුහද හමුවකට එක් වෙමිනි .

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

එදා අනාගතයක් ගැන හිතන්නවත් බැරිව ලේ වලින් අපේ මහ පොළව තෙත් වෙමින් තිබුණු යුගයක මහින්ද මහත්තයා රට බාර ගත් බව හැම දෙනාම සිහි පත් කර ගත යුතුයි .ත්‍රස්තවාදය පරාද කරන්න එතුමා බය නැතිව දේශපාලන නායකත්වය දුන්නා .රට සංවර්ධනය කරා ගෙන ගියා .මිනිස්සු සතුටින් ජීවත් වුණා .යහ පාලකයන් ඇවිත් එය විනාශ කළා .

මහින්ද මහත්තය ඇතුලු රාජපක්‍ෂ පවුලේ සියලු දෙනාට නැති චෝදනා නගා දුක් පීඩා දුන්නා .අවසානයේ සත්‍ය ජය ගත්තා .ජනතා බල මහිමය මහින්ද මහතා වටා රොද බැන්දා .රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සිරිසේන මහතා දේශපාලනිකව අත් අඩංගුවේ තියා ගෙන රට ගොඩ ගන්න අසීරු තැනකට තල්ලු කළා . රනිල් මහතාගේ අත් අඩන්ගුවේ සිටි ජනාධිපති සිරිසේන මහතා මෙන් ම රටද නිදහස් කර ගත්තේ මහින්ද
රාජපක්‍ෂ මහතා රට ගැන සිතා ගත් මැදිහත් වීමෙන්. මේ උදා වී ඇත්තේ මව් පොළවේ ග්‍රහ බලය එතුමාගේ ග්‍රහ බලයට මුසු වූ අවස්ථාවක් .

ඉදිරි මහ මැතිවරණයෙන් මහින්ද මහතා ලබා ගන්නා විශිෂ්ට ජන වරමත් සමග රටට නව අරුණාලෝකයක් උදා වෙනවා .එය ජනතා ප්‍රාර්ථනයයි .එජාප යේ අය වියරුවෙන් හැසිරෙන්නේ .ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්ත වලට ද පයින් ගහනවා .ජනතාවට තීන්දුවක් ගන්න ඉඩ දෙන්න ඕනෑ .යැයි ද හෙට්ටිගේ මහතා කිවේය .

156 views

4 Comments to “රනිල්ගේ අත්අඩංගුවේ සිටි ජනපති මෛත‍්‍රී, මහින්ද මුදා ගනී..”

  1. indunil says:

    waraduna thana hadiya yuthuya……………..

  2. වසර තුනයි මාස නමයක් ඇන හිටිය රට යලිත් කඩි ගුලක් ඇවිස්සුනා වගේ වැඩ කරන්න පුලුවන් ආත්ම ශක්තිය ලබා දුන්නු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ජාතියේ ප්‍රණාමය ,

  3. ජනාධිපතිතුමාගේ ක්‍රියාව මේ මොහොතේ අගය කරන අතර…. අගමැති මහින්ද රාජපක්ෂ තුමා දැන් නිවැරදි මාර්ගෝපදේශ යන්ගේ උපදෙස් අනුව කතයුතු කල යුතු අතර අනවශ්‍ය ලෙස පවුලේ සාමාජිකයින් දේශපාලනයට සම්බන්ධ නොකරගතයුතුය…. එවිට රටට සුභ අනාගතයක් උදාවේවි යයි සිතමි ….

  4. ranabimedi api kisidaka thani nokaranalada nayakayaa wenuwen hamadama penisitina obathumata godak pin…

Main News