සුඛෝපභෝගී කාර් රථයක් දුම්රියේ ගැටෙයි… ව්‍යාපාරිකයෙකුට බරපතලයි..

November 22, 2018 at 8:40 am | lanka C news
සුඛෝපභෝගී කාර් රථයක් දුම්රියේ ගැටෙයි… ව්‍යාපාරිකයෙකුට බරපතලයි..

යාපනය කන්දර්මඩම් ප්‍රදේශයේදී කොළඹ දක්වා ධාවනයවූ නගරාන්තර සීග්‍ර ගාමී දුම්රියට දුම්රිය හරස් මාර්ගයකදී කාර් රථයක් ගැටීමෙන් කාර් රථයේ ගමන්ගත් ව්‍යාපාරිකයෙකු බරපතල තුවාල ලබා ඇති බවට පොලීසිය කියා සිටියේය.

කන්දර්මඩම් හින්දු කාන්තා වීදිය අසලදී පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අදාල ව්‍යාපාරිකයා විසින් කාර් රථය දුම්රිය මාර්ගය හරහා දැමීමට උත්සහ කිරීමේදී කන්කසන්තුරේයි සිට කොළඹ දක්වා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

කාර් රථය දුම්රියේ ගැටීමෙන් දුම්රිය මාර්ගයේ මීටර් 50 ක් පමණ දුරක් ඇදී ගොස් දුම්රියද නැවතී ඇති අතර එහිදී කාර් රථය තුල බරපතල තුවාල ලබා සිරව සිටි ව්‍යාපාරිකයා ප්‍රදේශවාසීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ඉවතට ගෙන යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.

අදාල ව්‍යාපාරිකයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බවට පොලිස් පරික්ෂණ වලදී අනාවරනය වී ඇති අතර අනතුර හේතුවෙන් දුම්රිය ධාවනය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

3 Comments to “සුඛෝපභෝගී කාර් රථයක් දුම්රියේ ගැටෙයි… ව්‍යාපාරිකයෙකුට බරපතලයි..”

  1. Kusal Ratnayake says:

    Mahinda hora is responsible for all these tragedies. It was he who restarted the railway service to the North. If the Tamil areas were under LTTE, these tragedies would have never happened. The bastard is again trying to grab power to give more miseries to Tamil people.

  2. david milibanda says:

    retribution

  3. Laksiri says:

    The best comment of the year

Main News