අවුරුද්දකින් රජෙක් වගේ දිනන්න තිබුනු මහින්ද මහත්තයා අගමැතිකම භාරගත්තේ ඇයි කියන එක අපි හැමෝටම ප‍්‍රශ්ණයක්…

November 28, 2018 at 3:26 am | lanka C news
අවුරුද්දකින් රජෙක් වගේ දිනන්න තිබුනු මහින්ද මහත්තයා අගමැතිකම භාරගත්තේ ඇයි කියන එක අපි හැමෝටම ප‍්‍රශ්ණයක්…

එක්සත් ජාතික පක්ෂය විසින් වසර තුනහමාරක් තිස්සේ විනාශ කරන ලද රට ගොඩනැගීමේ මහා මෙහෙයුම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් දැන් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

බිඳ වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවා ස්ථාවර රටක් බිහිකිරීමට ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බව පැවසූ රණතුංග මහතා ඒ සඳහා හැකි ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතා කැමැත්ත විමසා බැලිය යුතු බවත් පෙන්වා දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට මිනුවන්ගොඩ, ගල්කන්ද ප්‍රදේශයේ දී එක්වෙමිනි.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අද හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි මහින්ද මහත්තයා අගමැති ධුරය භාරගත්තේ ඇයි කියන එක. තව අවුරුද්දකින් ඡන්දය දිනලා රජෙක් වගේ රජ ගෙදරට එන්න තිබුණු මහින්ද මහත්තයා මේ වගේ අවස්ථාවක අගමැති ධුරය භාර ගත්තේ ඇයි කියලා කවුරුත් අහනවා. අපිටත් ඒ ප්‍රශ්නය තිබුණා. නමුත් උදා වෙලා තිබෙන වාතාවරණය අනුව මහින්ද මහත්තයාට ඒ තීන්දුව ගන්න සිදුවුණා කියන එක අපි දැන් පැහැදිලිව දන්නවා.

තව අවුරුද්දකින් ඡන්ද දිනලා රජගෙදරට එන්න හිටියා නම් මහින්ද මහත්තයට එන්න රජගෙදරක් ඉතුරු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ රටම උකස් තියනවා. ඉතිං මේ තත්ත්වයෙන් රට මුදා ගන්නත් අනාගත දරු පරපුර වෙනුවෙන් රටක් ඉතිරි කරන්නත් අවශ්‍යම නිසා මේ මොහොතේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකම බාරගත්තා. මැතිවරණ දෙකකින් පැරැදුනු මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම බාරදීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් යැයි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශකර තිබෙනවා. නමුත් මම අහන්න කැමැතියි මැතිවරණ 27කින් පැරැදුණු රනිල් වික්‍රමසිංහ එහෙම කියන්නේ කටින් ද කියා.

රටට මොනවා වුණත් සදාකාලිකව බලයේ ඉන්න කෑදරකමින් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නඩයට එළඹෙන මහා මැතිවරණයේ දී හොඳ පිළිතුරක් හිමිවෙනවා නියතයි. අපි ඒ දෙස මහත් උනන්දුවෙන් බලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහට තියෙන්නේ එදා වේල කොහොම හරි ගතකර ගන්න එක විතරයි. නමුත් අපිට එහෙම වගකීම් විරහිතව වැඩකරන්න බැහැ. රටේ අනාගතය වගේම දරු පරපුරේ අනාගතය වෙනුවෙන් අපිට හිතන්න ඕන.

පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ස්ථාවර නියෝගවලට පටහැනි ලෙස අද කතානායක කරූ ජයසූරිය කටයුතු කරනවා. ඒ තත්ත්වය අපි දැඩි පිලිකුලෙන් යුතුව හෙළාදකිනවා. කරූ ජයසූරිය හිතන්නේ පාර්ලිමේන්තුවේ කතානායක කිවුවම රටේම නායකයා සහ තමන් හිතන පතන විදියට හැමදේම සිදුවිය යුතුයි කියලයි. නමුත් එහෙම දෙයක් තවම නම් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී නැහැ. කරූ ජසූරියට අවශ්‍ය වී තිබෙන්නේ මේ මොහොතේ රට තුළ ගැටළුකාරී තත්ත්වයක් තිබෙන බවට ලෝකයට ප්‍රකාශකර රනිල් වික්‍රමසිංහ කෙසේ හෝ එළියට ඇද දමා පොදු අපේක්ෂකයා වීමයි.

පොදු අපේක්ෂක හීනයෙන් පෙළෙන කරු ජයසූරිය දැන් අපේ පාර්ලිමේන්තුව වගේම රටත් විනාශ කරලා ඉවරයි. තවදුරටත් මේ විදියට ඉදිරියට යන්න දෙන්න බැහැ. මේ වියරු වැටුණු ඒකාධිපති කතානායකවරයා පන්නා දැමීම රට වෙනුවෙන් කරන්න තියෙන ලොකුම සේවයයි. එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකට වගේම කරු ජයසූරියගෙත් අවසන් පාර්ලිමේන්තු පැමිණීම තමයි මේ සටහන් වෙලා තියෙන්නේ. රට පාවා දෙන කිසිම කෙනකුට උත්තරීතර පාර්ලිමේන්තුවේ අසුන් ගන්න ඉඩ තියන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපි හැමදාම ජනතාවට කිව්වේ මේ රට ගොඩනගන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලයි. වසර තිහක් තිබුණු ත්‍රස්තවාදය නිමා කරපු මහින්ද මහත්තයට මේ රට ගොඩනගන එක ලොකු දෙයක් නෙමෙයි. දැන් එතුමා ඒකට මුල පුරලා තියෙනවා. රට හෙමින් හෙමින් හරි මාර්ගයට වැටෙමින් තිබෙනවා. ඒ ගමන ස්ථිර කරන්න නම් අපට අවශය වෙන්නේ ස්ථාවර ආණ්ඩුවක් කියන එක පැහැදිලියි. ඒ නිසා හැකි ඉක්මණින් මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර රටක් බිහිකිරීමට පියවර ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

18 views

10 Comments to “අවුරුද්දකින් රජෙක් වගේ දිනන්න තිබුනු මහින්ද මහත්තයා අගමැතිකම භාරගත්තේ ඇයි කියන එක අපි හැමෝටම ප‍්‍රශ්ණයක්…”

  1. Gahanu katahada says:

    Gampaha pohottuwe nayakaya oya nemeyi nangi. Ape sarane thama Dan gampaha lokka oya katawahagena inna nangi

  2. kinzhal says:

    අර්බූදය ඇත්තේ ශ්‍රී ලංකාව නව යටත් විජිතයක් වශයෙන් තවමත් පැවතීම තුලයි… නිදහස් හා ස්වෙෙරී යයි කියා ගන්නා රාජ්‍යයේ මූලික නීතිය හෙවත් 1978 ව්‍යවස්ථාවද නව යටත් විජිතයේ අදෘෂ්‍යමාන පාලකයන් වන බ්‍රිතාන්‍ය විසින්ම හැදූ ලියවිල්ලක් බව දැන් එලි වී ඇත.හැංගි හැංගි වෙස් බැන්ද බටහිර අද එලියේ නටන්නට පටන් ගෙන ඇත.”නිදහස් හා ස්වෙෙරී” යයි කියන මේ රටේ පාර්ලිමේන්තුව තුලටම ඇවිත් බටහිර තානාපතිවරැ ප්‍රකාශ නිකුත් කරන්නට පෙලඹි ඇත.ඒ අනුව ඔවුන් මේ යටත් විජිතයේ නියම පාලකයන් බව දැන් එලිවෙමින් ඇත….මහින්ද,මෙෙත්‍රි හා රනිල් යන මේ කාටත් පැවරී ඇත්තේ බටහිර හාම්පුතාලා යටතේ මැනේජර් මහත්තයා ජොබ් එක කිරීමයි….යටත් විජිතය සදහා එහි හාම්පුතාලා පිලියල කරන programs ක්‍රියාවට නැගීමයි..ජනතාවගේ බෙල්ල මිරිකා කලට වේලාවට සිය හාම්පුතාලට ගෙවිය යුතු ණය ගෙවීමයි.ජනතාව මුන්ව උන්ගේ පවුල් පිටින්ම උන්ගේ හාම්පුතාලගේ තුරැලටම පලවා හැරීමට සූදානම් විය යුතුය !!!!!

  3. අපි ගොන්නු නොවේ... says:

    තව අවුරුද්දක් යන කොට මහ බැංකුව මංකොල්ල කාපු සල්ලි 118ක් නොවෙයි 150ක් අතරේ බෙදලා 2/3 බහුතරය හදාගෙන රනිල් මේ රටට කරන විනාසය වලක්වන්න බැරිවෙන හිංදා තමයි

  4. Kadiya says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020 වනතෙක් නොදුටු ඇසින් නොඇසූ කනින් සිටියානම් ඒ වනවිට ඉතිරිවන්නේ රනිල් සහ ඔහුගේ පාදඩ මිතුරන් විසින් විකුණන ලද රාජ්‍ය සම්පත් පිලිබඳ මතකයන්ද පාදඩකරණය කරණලද සංස්කෘතියක්ද ලෝකෙට නයවූ රටක්ද පමණි. රනිල් සහ ඔහුගේ දේශීය සහ විදේශීය බෙදුම්වාදී සහකරුවන්ද ඔවුන්ගේ අනුග්‍රහකයන්ද උඩු යටිකුරු කරණ ලද තීන්දුවක් ගත මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති තුමාගේ එම අසීරු සහ අවදානම් තීරණය අගය කරමින් ඊට සහයවීම සියලුම දේශප්‍රේමීන්ගේ යුතුකම සහ වගකීමයි.
    2020 දී 2/3 ලබාගැනීමක් ගැන කථාකරන ඇතැමුන් අමතක කරණ දේ නම් රනිල් වික්‍රමසිංහ ඔහුගේ පාර්ලිමේන්තු සගයන් වන TNA සහ JVP සහකරුවන්ද SLFP පාදඩ කොටස්ද යොදාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විකෘතිකරණ සංශෝධනයක් මගින් චන්ද නොපවත්වා සිටීමට ඇති හැකියාවයි.

  5. Madushanka says:

    Oyata therenne nadda Patto ayi kiyala Ara Nadu Tika Kal Yana widiha baluwamawath. Oyata Dan sorry Thama.

  6. susi says:

    අනේ මෙයා දන්නා බම්බුව. මෙයා ඉතින් අර්ජුනගේ මලයනේ. මහින්ද මහත්තය අගමැති වුනේ රටේ වාසනාවට. පොහොට්ටුවට වින කරන ප්‍රසන්නලා එලවන්න ඕනේ.

  7. KADUWELA SILWA says:

    26වැනිදා නෙත් එෆ්.එම්. රාත්‍රි 7ට පැවති වැඩ සටහනකදි ජේ.වි.පි. මංත්‍රි බිමල් රත්නායක මහතාත් කිව්වා මහින්ද රාජපක්ශ මහතා දෙවරක් පරාජය වෙලා ඉන්නෙ කියලා. හැබැයි එයාට අමතක වෙලා තිබුනා ජවිපෙ බිහිවු දා සිට අද දක්වාම පරාජිත පක්ශයක් කියලා. මැතිවරන ඉතිහාසයේ කිසිම අවස්ථාවක 10%ක චන්ද ප්‍රතිශතයක් ඔවුන්ට ලබාගන්නට හැකිවි නොමැත.

  8. Karunanayake says:

    ඇයි මහත්තයො බබා වෙන්ඩ හදන්නෙ? තව සතියක් හිටිය නම් රට වනසන ප්ණත් 4 ක් ගේන්ඩ සැලසුම් කරල තිබුණ. ඊලඟට ෆෙඩරල් ව්යවස්තාව ගේන්ඩ තිබුණෙ! මහින්ද මහත්තය රට බේරගත්ත! ආයෙ රනිල්ට ඕව කරන්ඩ හම්බවෙන්නෙ නැහැ! ව්යවස්තාවෙ සින්හල කොපියට ඔරුමිත්තනාඩු කියල දෙමල වචනයක් ඔබල සින්හලය රවට්ටන්ඩ හදපු සේරම ඉවරයි! මහින්ද මහත්තයට පින්සිදුවෙන්ඩ!

  9. david milibanda says:

    Ayi Yako………….. thawa avuruddak giya nam mung mulu ratama vikunala.
    Apita kiyala ratak nathooooooooooooooo …………… Therunada ?

    Constitution sansodanaya genawanam bala ganna thibba… ratama heedila yanawa.

    Oya Jeppo dan Issara wage neme kuliyata katha karanne.

  10. Gotaimbara says:

    Fully agree with Prasanna Ranatunga. Mahinda will do right by the country and it’s citizens. Jayawewa!!!

Main News