අගමැති අපේක්ෂකයා තෝරන්න පක්ෂ මහ සමුළුවක් කැදවා ඡන්ද විමසනු..- එජපා මන්ත්රි පිරිසක් ලිඛිතව දන්වති..
December 7, 2018 at 11:20 am | lanka C news
ඉදිරි මහ මැතිවරණය සදහා අගමැති අපේක්ෂකයා කවුදැයි තෝරා ගැනීම සදහා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයක් වහා කැඳවන්නැයි එජාප පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත්රීවරුන් පිරිසක් ඉල්ලා ඇත.
පක්ස මහ ලේකම් අකිලි විරාජ් කාරියවසම් මහතා වෙත යොමු කර ඇති මෙම ලිපියේ පිටපතක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාටද යොමු කර ඇත.
මෙම ඉල්ලීම ලිඛිතව කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 03ක්, පළාත් සභා මන්ත්රීවරුන් 24ක්, පළාත් පාලන මන්ත්රීවරුන් 43දෙනෙකුගේ අත්සනිනි.
එජාපයේ ප්රජාතන්ත්රවාදය රැකගෙන පක්ෂය ශක්තිමත් කිරීමට සම්මේලනයක් කැදවා ඔවුනගේ බහුතර ඡුන්දයෙන් අගමැති අපේක්ෂකයා පත් කල යුතු බව ලිපියේ දැක්වෙයි.
හම්බ වෙයි රනිල් ඇර වෙන එකෙකුට. බලං හිටපියවු හම්බෙනකන්😂😂😂
යාවජීව අගමැති අපේ සදා නායක රනිල් මය්. අකමැති උන් පලයව්.
UNP eke agamethi apeksakaya toranna paksaya etule chandayak wimasana eka Hari kiyamuko.eheth egena maitree pala sirisena denuwath karanna awasyatawayak Neha. Maitree pala UNP samajikayeku nowei.ohugen Paksayata ethy wedak Neha.
ඔන්න… රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කතාකරන්න කලින්, පක්ෂය ඇතුලේ ප්රජාතන්ත්රවාදය පෙන්නන්න අවස්ථාවක්.