කතානායක, වේත්‍රධාරී, පාර්ලිමේන්තු මහ ලේකම් ගැන සොයන්න කොමිසමක්.. වරදට දඬුවම්..
December 7, 2018 at 6:48 pm | lanka C news
මෑත කාලයේදී පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී අවස්ථාවන්වලදී කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මහලේකම් සහ වේත්‍රධාරියා විසින් කටයුතු කරන ලද ආකාරය ගැන සොයා බැලීමට ඉදිරි නව රජයක් යටතේ කොමිසමක් පත්කරන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
එමගින් වරදකරුවන් වන සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවා සුදුසු පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
මෑත කාලයේ දී පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ වේත්‍රධාරියා කටයුතු කරන ලද්දේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට පටහැනිව බවත් සෙංකෝලයට පවා නිසි ගෞරවය ලබා දීමට ඔවුන් කටයුතු නොකළ බවත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.
එලෙස පාර්ලිමේන්තු සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීම ගැන මෙම පිරිසට වගකීමට සිදුවනු ඇති මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
කරුමයාට කරුමය පලදේ
Palayan yako yanna
සිරා ගෙදර .
තොගේ අම්මගේ ගෙදරද බොල සමනලයෝ
මට පේන විධියට බැඳුම් කර ඇට කාල වගේ…..