27 දක්වා ප‍්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ..

March 19, 2020 at 1:20 pm | lanka C news
27 දක්වා ප‍්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ..

හෙට 20 දින සිට එළඹෙන 27 වන දින දක්වා නිවසේ සිට රාජකාරි කරන පදනමින් ප්‍රසිද්ධ නිවාඩු දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම නිවාඩුව පෞද්ගලික අංශයට ද ක්‍රියාත්මක කරන ලෙස රජය දැනුම් දී ඇත.

එම කාලයේදී රජයේ හා පුද්ගලික අංශ සේවකයන් නිවසේ සිට රාජකාරි කටයුතු කරන ලෙසද රජය දන්වා සිටී. එය සිදු කරන ආකාරය ඉදිරියේදී දැනුම් දෙන බවද රජය කියයි.

මීට පෙර ලබාදුන් දින තුනක නිවාඩුවක් අද දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අරමුණින් එළඹෙන 27 වන දින දක්වා මෙම නිවාඩුව දීර්ඝ කර තිබේ.

287 views

13 Comments to “27 දක්වා ප‍්‍රසිද්ද නිවාඩු දින ලෙස නම් කෙරේ..”

  1. යථාර්තය says:

    ලෝකේ හැම තැනම පල්ලි,දේවස්තාන,පන්සල් ආගමික කටයුතු නවත්වලා කොරෝනාවට බයේ…මක්කම,වතිකානුව තායි බෞද්ධ ස්තාන පාළුවට ගිහිල්ලා…මිත්‍යාදෘස්ඨිය මුළුගැන්විලා හැමෝම විද්‍යාවේ සරණ හොයනවා පණ කෙන්ද ගැටගහගන්න.පූජකයෝ පැරණි ආගම් පොත් පෙරලලා බලනවා හැම දේම තියනවැයි කියන මේ පොත්වල කොරෝනාවට බෙහෙතක් ඇත්ද කියා…මොකුත් නෑ කියලා පෙනුනම දේශනා නවත්වලා බලන් ඉන්නවා විද්‍යාඥයෝ බෙහෙතක් හොයා ගන්නකම්.හෙට දායකයෝ ආවේ නැත්නම් ජීවිතය කොතරම් කටුකද?

    • kaushi says:

      බුදු දහමට ඕක අදාළද

      • නිළමේ says:

        බුදුන්ටත් ” ජීවක” කියල වෛද්යවරයෙක් හිටියා.

      • Asanka Weerasuriya says:

        සියලු දේ අනිත්‍යයි අප්‍රමාදීව කුසල් වඩා සසරෙන් එතෙරෙ වෙන්න කියපු දර්ශනේකුයි දෙයියො පස්සෙ ගිහින් යාග හෝම කරල පිහිට හොයන ආගමුයි සමාන වෙන්නෙනෑ. සිද්ධවන හැම දෙයින්ම සනාථ වන්නෙ ලොවුතුරු බුදු දහමමයි…

  2. හැකහැක says:

    රජයේ සේවකයෝ නම් නිවසේ ඉදලා රාජකාරි කරලා හොඳට පුරැදු අය.පෞද්ගලික අංශයට තමා කියා දෙන්න වෙන්නේ.

  3. Prasanna says:

    නන්ඩසේන මට online office එක අතු ගාන්නේ කොහොමද කියහං මචන්

    • ranjan says:

      ඇයි බං රොබෝ කොහු තියෙන බව දන්නේ නැද්ද ?තමුසෙටත් එකක් ඕනනම් එවන්නම් .පුංචි අම්මට වැඩ නැතිවෙන එකයි වැරැද්ද .

  4. අනිමා රුමිල්ලා says:

    ආණ්ඩුව මොනවා කිව්වත් සේවකයො ගෙන්නගෙන වැඩ කරන private කොම්පැණි ඕන තරම්….. කෙළින් තීරණ ගන්න බැරි නිවට පාළකයො….ඇයි කෙළින්ම නිවාඩු දෙන්න කියලා නියෝග කරන්න බැරි….

    • SL says:

      That’s very true Machan ,many private sector workers specially who are in the construction sector are forced to work .Gvt should have a mechanism to stop this.

  5. හෙන්දිරික් says:

    අත්‍යාවශ්‍ය සේවාවල සිටින්නේද මනුෂ්‍යයෝය… උන්ට නිවාඩු නැත….

  6. PVT COM says:

    පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙම අවස්ථාව ලබාදිය නොහැකිබව මේවනවිටත් බොහෝ ආයතන දැනුම්දී තියෙනවා.මේ අතර නිවසේසිට කළහැකි රැකියාවල් කරන සේවකයන්ටද එම අවස්ථාව ලබා නොදෙන්න මෝඩ තකතීරුවන ක්‍රියාකරනවා

  7. sea says:

    private api pawwww thami

  8. Rana says:

    ආණ්ඩුවේ රස්සා කරන අයගෙන්ම චන්දෙ අරන් මේ චන්දෙ දිනා ගන්නකො අප්පච්චියේ, අපිට නිවාඩු දෙන්නේ නෑ , අපි චන්දෙ දෙන්නෙත් නෑ……..
    කොරෝනා…………. කොරෝනා………… කොරෝනා………….

Main News