27 නුගේගොඩ රැලියට ඇමති නැග්ගොත් ඇමති දියණිය අත් අඩංගුවට..
January 25, 2017 at 12:00 pm | lanka C news
අනිද්දා නුගේගොඩදී පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂයේ ජන රැළි වේදිකාවට ගොඩවුණහොත් තම දියණිය අත්අඩංගුවට ගන්නා බවට තමනට අනතුරු ඇගවීම් කර ඇති බව ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දන්වා ඇත.
ආණ්ඩුවෙන් යන අයට සිරගෙවල්වල දමන බවටද අනතුරු ඇගවීම් කර ඇතැයිද ඔහු විසින් සදහන් කර ඇත.
මෙම ඇමතිවරයා ඇතුළු තවත් කිහිප දෙනෙකු මෙම රැළියේ වේදිකාවට ගොඩවිමට සිටියද පවතින තත්වය මත එය ප්රමාද කරන ලෙසත් සුදුසු වෙලාව පැමිණි පසු දන්වන බවද රාජපක්ෂ මහතා ඔහුට දන්වා ඇති බවද වාර්තා වෙයි.