27 නුගේගොඩ වේදිකාවට ගොඩවන ඇමතිවරු වලකන්න විශේෂ මෙහෙයුමක්..
January 22, 2017 at 1:20 pm | lanka C news
මෙම 27 වැනිදා හිටපු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් නුගේගොඩදී පැවැත්වෙන ජන රැළියේ වේදිකාවට එක්වෙතැයි සැක සහිත ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රදවා ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
27 වනදාට පෙර අවස්ථා කිහිපයදීම ජනාධිපති හා අගමැති විසින් ආණ්ඩුවේ ශ්රිලනිප එජාප කොටස් කැදවා ඔවුනගේ ප්රශ්න ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්චා පැවැත්වීමට නියමිතය.
ඒකාබද්ද විපක්ෂය සදහන් කරන්නේ 27 වනදා රැළියට ස්ථිරවම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එක්වන බවයි.