27 වසරකට පසු පලාලි හමුදා කදවුරෙන් අක්කර 29ක් නිදහස් කරයි..

December 1, 2017 at 12:00 pm | lanka C news
27 වසරකට පසු පලාලි හමුදා කදවුරෙන් අක්කර 29ක් නිදහස් කරයි..

යාපනය පලාලි  කඞ්ඩුවාන්  ඔට්ටාපුලම්  ප‍්‍රදේශයේ හමුදාව සතුව තිබු අක්කර 29 ක ඉඩම් ප‍්‍රමාණයක් වසර 27කට පසු යුද හමුදාව විසින් (30) යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා වෙත බාර කෙරිණි.

මෙම ඉඩමේ  රෝමානු කතෝලික දෙමළ විද්‍යාලය සහ  ශාන්ත අන්තෝනි  දේවස්ථාන පිහිටා තිබී ඇති අතර හමුදාව විසින් මෙම ඉඩම  ශුද්ධ පවිත‍්‍රකර මෙලෙස බාර දෙනු ලැබිණි.

සටන් පැවති සමයේ  මෙම ඉඩම හමුදාව විසින් අධිආරක්ෂිත කලාප වෙතට අත්පත්කර ගෙන තිබු අතර ඒ ආසන්නයේ හමුදා කඳවුරක්  ද  පිහිටා තිබූ බවද ආරක්ෂක අංශ සඳහන් කරයි.

උතුරේ ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් උතුරේ හමුදාව සතුව ඇති වැඩිපුර ඉඩම් යළි ජනතාවට ලබා දීමේ වැඩසටහන යටතේ  මෙම ඉඩම ද  ජනතාව වෙත මුදා හැරීමට  කටයුතු කළ බව  හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජනරාල්  දර්ශන හෙට්ටිආරච්චි මහතා මෙම ඉඩමේ ඔප්පුව යාපන දිසාපති එන් වේදනායගම් මහතා වෙත  බාර දුන්නේය.

මෙසෙ නිදහස් කරන ලද භූමියේ ඇති පාසලද ඉතා ඉක්මනින් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා අතරම නිදහස් වූ ඉඩමේ පවුල් 17 ක් මේ වන විටත් පදිංචි කිරීමට නියමිතව ඇති බවට යාපනය දිසාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

118 views

4 Comments to “27 වසරකට පසු පලාලි හමුදා කදවුරෙන් අක්කර 29ක් නිදහස් කරයි..”

  1. lion says:

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය.

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 3215 ක් ද උඩරට සිංහලයන් 1331 ක්ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටදමහනුවර රාජධානිය දක්වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම්ලන්දේසීන් විසින් ආක්රමණය කොට විහාරස්ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලනසමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්ටේ, මූලි, ආනෙයිකොට්ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් ද පුවඟු දිවයින කාරදිව කැස්බදූව ඇතුළු අනෙකුත් දූපත්වලගම්බිම් විස්සක් පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක් ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත්පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එA අවදියේදකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූමලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන්පසුව විය යුතුය.

  2. love nature says:

    බෙදුම්වාදී යුද්ධය පැවති කාලයේදී කෙවිලියාමඩුව ගමට විශාල වශයෙන් තර්ජන එල්ල විය. සිංහල ගම්මානවලට පැන මන්න පිහිවලින් කොටා ජනයා සංහාරය කිරීම ඒ කාලයේදී කොටි ත්‍රස්‌තවාදීන් සතුව තිබූ ඉතා ජනප්‍රිය ක්‍රමවේදයකි. ජන සංහාරය සඳහා පතරොම් යොදා ගැනීමට වඩා මන්න පිහි යොදාගැනීම එල්. ටී. ටී. ඊ. යට ලොකු ලාභයක්‌ විය. කොටි ත්‍රස්‌තවාදීන් විසින් කපා කොටා මරන ලද අසරණ සිංහල දරුවන්ගේත් ගැමියන්ගේත් මළ මිනී පෝලිම් ගසා තිබෙන අයුරු මේ රටේ ජනයා පින්තූරවලින් දැක ඇත. කෙවිලියාමඩුව ගමේ ජනයා තම වාසභූමිය වූ පාරම්පරික ගම්බිම් අත්හරින්නේ මෙබඳු කැති ගා දමනු ලැබීමේ තර්ජනයක්‌ වුව විටදී ය. යුද්ධය නිම වූ විට ආපසු විත් පදිංචි වීමේ අපේක්‍ෂාව මත ඔවුහු තාවකාලිකව තම ගම් බිම් අත්හරිති. එහෙත් යුද්ධය නිම වී, ආපසු ගමට එන ගැමියන්ට තම ගේදොර සහ වගා ඉඩම් ආපසු ලැබෙන්නේ නැත. මේ ප්‍රශ්නය දැන් වසර කිහිපයක්‌ම පරණ ය. කෙවිලියාමඩුවේ පාරම්පරික ජනයා එදත් යුද අනාථයන් යá අදත් යුද අනාථයන් ය. ඉතාම නරක තත්ත්වය වන්නේ ඔවුන් අද අනාථභාවයට පත්ව සිටින්නේ තම පාරම්පරික වාස භූමියෙහි වීම ය.

  3. love nature says:

    ලංකාවේ ඉඩම් වලින් තුනෙන් එකක් සුළුතර ජාතීන් අතේද?

    ලංකාවේ ඉඩම් ප්‍රමාණයෙන් දැන් සිංහලයන්ගේ අතේ තිබෙන්නේ තුනෙන් දෙකයි කියලා අස්ගිරි නායක හිමියන් පවසා තිබෙනවා.

  4. lion says:

    දෙමළුන්ගේ වාරය අහවරය. දැන් සිංහලයන්ගේ වාරයයි. ලන්දේසින් ඇතිකළ තේසවලාම නිතිය උතුරේ වහාම තහනම් කරනු

Main News