මහින්ද නිල බලයෙන් ව්‍යවස්ථා සභාවේ.. ජනපතිගේ යෝජනා ඒකමතිකව අනුමතයි..

January 9, 2019 at 2:10 pm | lanka C news
මහින්ද නිල බලයෙන් ව්‍යවස්ථා සභාවේ.. ජනපතිගේ යෝජනා ඒකමතිකව අනුමතයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (01.07) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය. ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුයේ පුරප්පාඩු වී පවතින උපරිමාධිකරණ විනිසුරු ධූරයන් පත් කිරීම සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් යොමු කර තිබූ නිර්දේශයන් පිළිබඳවය.

ඒඅනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ගරු ජනාධිපතිතුමන් විසින් යොමු කරන ලද නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය.

එමෙන්ම, පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ගරු ජනාධිපති තුමන් විසින් මින් පෙර නිර්දේශ කරන ලදූව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබූ නාමයන් ද (01.07 ) රැස්වීමේ දී යලි තහවුරු කරන ලදී.

ඒ අනූව ගරු ජනාධිපතිතුමාගේ නිර්දේශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් උපරිමාධිකරණ අධිකරණ විනිසුරු ධුර 04 ක් සඳහා (ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර 03, අභියාචනාධිකරණ විනිසුරු ධුර – 01) නව පත්වීම් සිදු කිරීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සහභාගී වූ සාමාජිකයන්

කථානායක කරු ජයසුරිය මහතා – (සභාපති)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා – (සාමාජික)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා – (සාමාජික)
ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය – (සාමාජිකා)
පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා – (සාමාජික)
ජයන්ත දනපාල මහතා – (සාමාජික)
නාගානන්ද සෙල්වකුමාරන් මහතා – (සාමාජික )
ජාවේඩ් යුසුෆ් මහතා – (සාමාජික)

– කථානායක මාධ්‍ය ඒකකය‍

61,681 Viewers

12 Comments to “මහින්ද නිල බලයෙන් ව්‍යවස්ථා සභාවේ.. ජනපතිගේ යෝජනා ඒකමතිකව අනුමතයි..”

  1. Saradiel says:

    මහා බැංකු හොරුන්ට අබ සරණයි

    • Gamini says:

      සම්බන්ධන් හිටියා කියා වෙනසක් නැත..කලු සුද්දන්ට අවශ්‍ය විදිහට වැඩේ යයි…

  2. crazy says:

    මහජන විනය නැවත අැතිකරන්න පුලුල් වැඩපිලෙවලක් අැවැසි. සැම මාදය අයතනයකටම අවම කාල සිමිවක් ෙම සදහා ෙවන් කලයුතයි.

  3. Wijebahu says:

    Jayantha bugger in this list is full of catholic action.
    And is a diaspora supporter in the international arena.

  4. Gotaimbara says:

    Well done Mahinda. Glad to have a man with a backbone in the Committee. Jayawewa!

  5. Asoka says:

    අනේ මන්දා බයියෝ මහා බැංකුව ගැනම මතුරනවා මිසක් වෙන දෙයක් නැහැ. හැමදාම අහලා අහලා එපාවෙලා. වෙන දෙයක් ඇත්තෙම නැහැ. අනෙක මෙච්චර කල් සිරා ජනාධිපතිවෙලත් මහබැංකුවේ එවුන්ව අල්ලාගෙන නැත්තේ උන් ඕක කරලා නැතිව ඇති. අනෙක මහින්දයා ඔයිට වැඩිය කොච්චර ගහලද ?

    • Alaua says:

      Menna godak danna kenek…

    • මාරයා says:

      හික්….ටොයි මහත්තයෝ…තව අවුරුදු 30කට මහ බැංකුව ගැන කියන්න වෙනවා.අද උඹල අපි කන බත් ඇටයක් ගානේ බදු ගහලා වැඩ කරන එවුන්ගෙ ETF EPF ටිකටත් ගේම දීල මේ හොයන්නෙ රටට නැති උන සල්ලි ටික…මහ බැංකුව කඩා නොවැටී ඇදගෙන යන්න උපන් නූපන් හැම එකාටම වන්දි ගෙවන්න වෙලා තියෙන්නෙ උඹ ඔය කතා කරන්න අකමැති බැඳුම්කර ගේමම තමා මහත්තයෝ…ගන්න පඩිය ආන්ඩුවටම දීල තොපි, අපි උලා කන ජාතියක් කරේ ඔය බැඳුම්කරේ කියන එක ටොයියන්ට තෙරෙනවා අඩුයි..මොකද උන් Unp එවුන්නෙ.මහ බැංකුවට කෙලියෙ උන්ගෙ එවුන්නෙ…

    • Rasika says:

      Ranila karala nathnam toyyo Mahinda ganamane kiwanne ahala ahalama epa wela. Mahindath karala nathiwa athine Asoka

    • ක්‍රිමිනල් says:

      යකෝ ඉතින් මහින්ද ගැහැව්වනම් අල්ලපල්ලකො, තොපේ ආණ්ඩුව නේද තියෙන්නෙ 2015 ජනවාරි ඉඳලම?

      තොපේ අර නැවු හොරත් හැමදාම මතුරන්නෙ ඔය මන්තරේම නේද, මහින්දගෙ බිලියන ගානක් ඩුබායි බැංකුවක හංගල තිබිල අහුවුනා මේ සතියෙ ගේනව කියල. එහෙම කියලත් දැන් අවුරුදු ගානක් ගියා. කෝ දැන් ඒ සල්ලි?

      නැවු හොරා එව්ව උගෙ සාක්කුවෙ දා ගත්තද?

  6. harsha says:

    අර දීපාලි විජේසුන්දර තාම අභියාචනාධිකරණයේ.

Main News