රනිල්ට සහාය දෙන නළු නිළියන් මාධ්‍ය ආයතන වැටලූ විරෝධතාවට මුදල් ගෙවීම් බැදුම්කර මගඩියෙන්..
January 13, 2019 at 3:00 pm | lanka C news
මාධ්‍යය නිදහස පිලිබදව කතා කරන එත්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන නළු නිළියන් පිරිසක් පසුගියදා මාධ්‍යය ආයතන ඉදිරිපිට කළු මාධ්‍යය යනුවෙන් පවසමින් විරෝධතාවයක නියළුණු බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
මහින්දානන්ද අලුගමගේ මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ මහින්දානන්ද පදනම මගින් නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන නාවලපිටිය ප්‍රදේශයේ දමිල අංශයේ පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 500කට නාවලිපිටිය වෙස්වොල් දමිල මහා විද්‍යාලයේදි 2019 නව වසර වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල ලබාදිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ බැදුම්කර වංචාවෙන් මුදල් ලබාගත්, රාජ්‍ය නොවන සංවිධානවලින් මුදල් ලබාගත් පිරිසක් මෙසේ මාධ්‍යය ආයතන ඉදිරිපිට උද්ඝෝෂන සිදු කල බවයි.
මාධ්‍යට නිදහසට එරෙහිව සිදු කරන මෙවැනි විරෝධතා සම්බන්ධයෙන් විපක්ෂය එයට එරෙහිව ඉදිරියේදි කටයුතු කරන බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ