ගෝටා ආවොත් අපි කපෝතියි.. ශ්රීලනිපය කඩන සටන අතහැර චන්ද්රිකා පලායයි.. කඩන කල්ලිය නන්නත්තාරයි..
January 19, 2019 at 9:20 am | lanka C news
පක්ෂය රැකගමු යැයි කියමින් ආසන සංවිධායකවරුන් දිරිගැන්වූ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ වන විට මඟහැරීමට පටන් ගෙන ඇතැයි ශ්රී ලනිප ආසන සංවිධායකයෝ පැවැසූහ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයක් යටතේ ඉදිරි දේශපාලන ගමන යා යුතු බව කියමින් හිටපු ජනාධිපතිනිය විසින් ආසන සංවිධායකවරුන් සමඟ මීට කලකට පෙර සාකච්ඡා කළ බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටු පක්ෂය) සම්බන්ධ නොවී තමන් ඇතුළු පිරිසක් පක්ෂය සමඟ කටයුතු කළ බවත් ඔවුහු කියා සිටිති.
ශ්රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීමට අදාළව හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ නිවෙසක පැවැති ශ්රී ලනිප සංවිධායක පිරිසකගේ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳ ආන්දෝලනයක් ඇති විය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානයකින් ජනාධිපතිවරණයකට ගියහොත් තමන්ට යන එන මං නැතිව යන බවත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමටවත් අවස්ථාව නොදී හිටපු ජනාධිපතිනිය දැන් මඟහැරීමට පටන් ගෙන ඇතැයිද ඔවුහු කියා සිටිති.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටි සංවිධායකයන් ඇතුළු පිරිස පත්ව ඇති තත්ත්වය හා ඉදිරියේ ගතයුතු ක්රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාට මෙම පිරිස ලිපියක් යොමු කර ඇත.
– mawbima
පලාත් සභා සුදු අලියෙක් බව කියා එය පවත්වා ගැනිමට අපට වත්කමක් නැති බව පවසා එය අහෝසි කර නගර සභා ප්රාදේශිය සභා වලට බලය දෙන්න. මෙයට ඉන්දියාව අගමැති නම් නඩත්තු කරන්න මුදල් ඉන්දියාවෙන් ඉල්ලන්න
තම ඉලක්කය කරා නිර්බීතව ගමන්කරන කිසිවෙකුට නැමිය නොහැකි රට ජාතිය වෙනුවෙන් නිර්බීතව හරි තීරන ගන්නා ගෝටා සහ මහින්ඳ වැනි අය රටේ නායකයන්ට දැනට ඉන්න අය අතරින් ඉතා සුදුසුම දෙදනායි … අනිත් අපතයන් නායකයන් ලෙස කතිරය නොගසනු…
ගැලපෙන නම.
99% of expat Sri Lankans (real guys and gals who understand the current issues) would support Gota. Even moderate Tamil speaking Sri Lankans could have hopes about a developed Sri Lanka. Isn’t that what we simply want?
Me gani puthawa deshapalaneta daganna ona kamata dangalanawa wina ratata adareta karanawa nowe.
යනඑන මං නැතිවෙන්නේ කාටද කියලා බලාගන්න පුළුවන් ඉස්සරහට.
අපිට ඔනෑ මහින්දයි. ගෝඨාභය උද්දචිඡ අහංකාර මිනිහෙක්. යුද්ධයට බයේ ඇමරිකාවට පැනල ගොස් අයිය ජනාධිපති උනාට පස්සෙ ලංකාවට ඇවිත් අයියගෙ බලයෙන් වැඩ පෙන්නපු කෙනෙක්. මහින්ද මෙයා ආරක්ෂක ලේකමි නොකළානමි කවුරැත් මෙයාගැන දන්නෙ නැහැ.
මහින්දගෙ ඇමති මණ්ඩලේ හිටපු අයවත් මෙයාට කැමති නෑ. මීටවඩා දහස් ගුණයක් බැසිල් හොඳයි.ඔහු මිනිස්සු එක්ක ඉන්න අයෙක්.
ඇමති මණ්ඩලේ කැමැත්ත අකමැත්ත අපට වැඩක් නෑ. අපේ කැමැත්ත ගෝටා .
මහින්ද රාජපක්ෂ – ජනාදරයේ හිමිකාරයා
බැසිල් රාජපක්ෂ – මොළකාරයා
ගෝඨාභය රාජපක්ෂ – වැඩකාරයා
මේ තිදෙනා එක්ව අපේ රට ආශ්චර්ය කරා ගෙන යනවා සත්තයි.
ජය ශ්රී!
සහතික ඇත්ත තොපිට් ඈස් චර්යේ පෙන්නලා ,උන් ආශ්චාර්යේ වැලදගත්තා. 🤣🤣🤣
Boralesgamuwe Sbathara Thero has got his cart before the horse on Gota.